Colombo Today Local News

ද්‍රවිඩ ඊළාම් විමුක්ති සංවිධානයේ සහය සජිත්ට…

නව ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂයේ ජනාධිපති අපේක්ෂක සජිත් ප්‍රේමදාස මහතාට සිය පක්ෂය වන ද්‍රවිඩ ඊළාම් විමුක්ති සංවිධානය (ටෙලෝ)  සහයෝගය ලබාදීමට තීරණය කළ බව පක්ෂයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී සෙල්වම් අඩෙක්කලනාදන් මහතා පවසයි.
 
දෙමළ ජාතික සන්ධානයේ හවුල්කාර පක්ෂයක් වන ද්‍රවිඩ ඊළාම් විමුක්ති සංවිධානය (ටෙලෝ)  පක්ෂය එම සන්ධානයේ ප්‍රධාන පක්ෂය වන ඉලංගෙයි තමිල් අරසුකච්චි පක්ෂය නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණට සහය දැක්වීමට ගත් තීරණයද අනුමත කරන බවත් සඳහන් කළේය.
       
අඩෙක්කලනාදන් මහතා අද (07) උදෑසන මාධ්‍ය  නිවේදනයක් ද නිකුත් කරමින් පවසා සිටියේ පක්ෂයේ මධ්‍යම කාරක සභාව ඒකමතිකව සජිත් ප්‍රේමදාස මහතාට සහය ලබාදීමට තීරණය කළ බවයි.
 
ජනාධිපතිවරණය වෙනුවෙන් සජිත් ප්‍රේමදාස මහතා ඉදිරිපත් කළ ප්‍රතිපත්ති ප්‍රකාශනය හරහා දෙමළ ජනාතාවගේ ගැටළුවලට සාධාරණ විසදුමක් ලබා ගැනීමට හැකියාවක් පවතින බවට තම පක්ෂය නියෝජිතයින් තීරණය කළ බවත්, අදාළ කාරණය සම්බන්ධයෙන් පක්ෂයේ මධ්‍යම කාරක සභාවේ අනුමැතිය ඒකමතිකව හිමිව ඇති බවත් හෙතෙම නිවේදනය සඳහන්කර සිටියි.

 ඉලංගෙයි තමිල් අරසු කච්චි පක්ෂය, ටෙලෝ සංවිධානය හා ප්ලොට් සංවිධානය එක්ව දෙමළ ජාතික සන්ධානය සකස් වි ඇති අතර, දෙමළ ජාතික සන්ධානයේ ප්‍රධානම හවුල්කාර පක්ෂය වන ඉලංගෙයි තමිල් අරසු කච්චි පක්ෂය පසුගිය 03 වැනිදා ජනාධිපති අපේක්ෂක සජිත් ප්‍රේමදාස මහතා වෙත සහය පළකරන බව පැවසීය.
 

Related posts

අගමැති බංග්ලාදේශය බලා පිටත්ව යයි

colombotoday

අලුත් අවුරුදු සමයෙන් පසු කොරෝනා ආසාදිතයින් ඉහළයාම ගැන අනියත බියක් ඇති කරගන්න එපා

colombotoday

පූජිත් ජයසුන්දර විශ්‍රාම යාමට අදාළ ලේඛන අධිකරණයට ඉදිරිපත් කිරීමට අවසර

colombotoday

හිස තෙල් ගෑමේ චාරිත්‍රය අද පූර්ව භාග 10.17ට

Admin

අලි සබ්‍රි කියන්නේ තක්කඩියෙක්, අන්තවාදියෙක්, ත්‍රස්තවාදියෙක් – මැඩිල්ලේ පඥ්ඥාලෝක හිමි කියයි

colombotoday

අත්‍යවශ්‍ය භාණ්ඩවල වෙළෙඳපොල කඩා වැටෙයි

colombotoday