Colombo Today Local News

“දඩ බිමක්ව තිබෙන රට නැවතත් වැඩබිමක් කරමු” – මහින්ද රාජපක්ෂ

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ප්‍රමුඛ අනාගතයේ බිහිවෙන අපගේ රජයේ ඒකායන අරමුණ වන්නේ ජනතාවට යුක්තිය ඉටු කිරීම බවත්, පළිගැනීම් පසෙකලා, සැබෑ වින්දිතයින්ට යුක්තිය ඉටු කිරිම හරහා දඩබිමක්ව තිබෙන රට නැවත වැඩබිමක් කළ හැකි බවට තමා විශ්වාස කරන බව විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතා පවසයි

ඒ මහතා මෙසේ ප්‍රකාශ කලේ ඊයේ (06) බත්තරමුල්ල අපේ ගම පරිශ්‍රයේ පැවැති ”යුක්තියට හඩක්” සංවිධානයේ පළමු සම්මේලනය අමතමිනි.

සැමට යුක්තිය ඉෂ්ඨ කර ගැනීම වෙනුවෙන් පෙනී සිටීම සදහා මෙවන් සංවිධානයක් බිහිවීම අගය කරන බව විපක්ෂනායකවරයා මෙහි දී පැවසීය.

අසාධාරණ ලෙස යහපාලන රජයේ පළිගැනීම්වලට ලක්වූ ජනතාව වෙනුවෙන් යුක්තිය ඉටු කරවා ගැනීම සදහා වූ යුක්තියේ සම්මුතිය සදහා මහජන අත්සන් ලබා ගැනීමේ ව්‍යාපාරයද අද ඇරඹි අතර ඒ සදහා විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතා පළමුව අත්සන් තැබීය.

වැඩබිමක්ව තිබුණු රට යහපාලන ආණ්ඩුව දඩබිමක් බවට පත්කළ බවත් රාජපක්ෂ පවුලට සම්බන්ධ අයටත්, රාජපක්ෂ පවුලේ මිත්‍රයින්ටත්, රජයේ සේවකයින්ටත්, උදව් කළ ව්‍යාපාරිකයින්ටත් ඒ දඩයමේ ගොදුරු බවට පත්වන්නට සිදුවූ බවද එහිදි විපක්ෂ නායකවරයා අවධාරණය කලේය.

මෙම අවස්ථාව සදහා හිටපු කතානායක චමල් රාජපපක්ෂ මහතා, පාර්ලිමේන්තු මන්ත්‍රීනී පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය, පාර්ලිමේන්තු මන්ත්‍රී කෙහෙළිය රඹුක්වැල්ල මහතා, ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ නිර්මාතෘ බැසිල් රාජපක්ෂ මහතා, ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ සභාපති මහාචාර්ය ජී. එල් පීරිස් මහතා, හිටපු අග්‍රාමාත්‍ය ලේකම් එස්. අමරසේකර මහතා, සහ දේශපාලන පළිගැනිම්වලට ලක්වූවන් ඇතුලූ විශාල පිරිසක් මේ අවස්ථාවට සහභාගි වූහ.

Related posts

ත්‍රිකුණාමලය ප්‍රදේශ 2ක් හුදකලා කෙරේ

colombotoday

අටුලුගම සංචරණයන් සෙවීමට හෙලිකොප්ටර් යානා

colombotoday

කොරෝනා මරණ භුමිදනයට අවසර ?

colombotoday

දකුණේදී බුරා පනින පොලිස්පති උතුරේදී හා පැටියෙක්.. සිංහනාද කරන ඇමතිලා ඇදන් යට

colombotoday

චීනයෙන් ලබාදෙන මානුෂිය ආධාර වල පළමු සහල් තොගය නැව්ගත කරයි

colombotoday

යකඩ බෝයාවක් මොරගල්ල වෙරළට ගොඩ ගසයි

colombotoday