Colombo Today Local News

තොන්ඩා බස් 40ක් ගිලලා !

වතු කම්කරු ජනතාවගේ සුබසිද්ධිය තකා ඉන්දියානු රජය විසින් ලබා දුන් ටාටා සිටි රයිඩර් වර්ගයේ බස් රථ 40 ක් හිටපු කැබිනට් ඇමැති ආරුමුගම් තොන්ඩමන් මහතා විසින් රහසේම විකුණා දමා එම මුදල් ඔහුගේ පරිහරණයට ගෙන ඇති බවට චෝදනා එල්ල වී ඇත.

2008 වසරේ දී මෙරට වතු කම්කරු ජනතාවගේ සුබසිද්ධිය වෙනුවෙන් බස් රථ 40 ක් ලබා දෙන ලෙස ඉන්දීය අගමැති මන්මෝහන් සිං මහතාගෙන් කළ ඉල්ලීමක් මත මෙම බස් රථ 40 දෙවරක දී ලැබී තිබිණි.

ඒ අනුව මෙම බස් රථ අන්නයි කොතායි එන්ටර්ප්‍රිමියර් නම් පෞද්ගලික සමාගමක් නමට ලියාපදිංචි කර ඇත.

මෙම සමාගම ආරුමුගම් තොන්ඩමන් මහතාගේ ආච්චි හෙවත් සෞම්‍යමූර්ති තොන්ඩමන් මහතාගේ බිරිඳගේ නමින් ඇරඹූවක් වන අතර වර්තමානයේ ආරුමුගම් තොන්ඩමන් මහතාගේ දියණිය වන කොතෙයි නච්චියාර් හා ලංකා කම්කරු කොංග්‍රසයේ හිටපු නායකයකු වන මුත්තු සිවලිංගම් මහතාගේ දියණිය වන වානි සිවලිංගම් ද මෙම සාමාගමේ අධ්‍යක්ෂවරු ලෙස කටයුතු කරති.

මෙම බස් රථ වතු කම්කරුවන්ගේ පහසුව තකා ලැබුණු ප්‍රදාන වුව ද එම බස් රථ ඔවුන් වෙනුවෙන් යොදවා නැත. ඒ සිය පවුලේ හිතවතුන්ගේ ගමන් බිමන්, විනෝද චාරිකා, දේශපාලන කටයුතු යනාදිය සඳහා ද මංගල හා අවමංගල්‍ය කටයුතු වෙනුවෙන් කුලියට ලබා දීම ද කර තිබේ.

මේ බස් රථ 40 යොදාගෙන කරනු ලබන සමාජ සේවා සම්බන්ධයෙන් මෙරට ඉන්දියානු මහ කොමසාරිස් කාර්යාලය විසින් කළ පසු විපරමක දී බස් රථ ලංකා කම්කරු කොංග්‍රසය සතුව හෝ අදාළ සමාගම සතුව හෝ නොමැති බව හෙළි වී ඇති අතර වැඩිදුරටත් කරනු ලැබූ පරීක්ෂණවල දී ඒ සියල්ලම තොන්ඩමන් මහතා විසින් විකුණා දමා ඇති බව හෙළිව තිබේ.

මෙම බස් රථවල වටිනාකම ඉන්දියානු රුපියල් මිලියන 80 ක් පමණ වන බව පැවසේ.

Related posts

ජනතා විමුක්ති පෙරමුණේ සහය හිටපු අගමැති රනිල්ට

colombotoday

වැලි, පස් හා කළුගල් ප්‍රවාහන බලපත්‍ර නිකුත් කිරීම ඔන්ලයින් ක්‍රමයට

colombotoday

රට කළඹන නව රැල්ලක් ! අපේ නායකයා ගෝඨා.. 2019 ජනපතිවරණය දිනනවා නිසැකයි – විමල් කියන කතාව මෙන්න

colombotoday

ඇමරිකානු තානාපතිනී ජූලී චන්ග් හදිසියේ පාර්ලිමේන්තුවට

Admin

මුහුදු ගිය දෙදෙනෙක් අතුරුදන්

colombotoday

මැතිවරණ සමයේ පොදු දේපල අවභාවිතය පිලිබඳ වාර්තාව එළිදකී – පොදු දේපල අවභාවිත සිදුවීම් 180 ක්

colombotoday