Colombo Today Local News

තොණ්ඩමන්ගේ නිවසක් ගිනිගනී

ලංකා කම්කරු කොංග්‍රසයේ නායක සහ හිටපු අමාත්‍යය දිවන්ගත ආරුමුගන් තොණ්ඩමන් මහතාට අයත් කොත්මලේ රම්බොඩ වැවන්ටන් වත්තේ පිහිටි බංගලාවේ හටගත් ගින්න සම්බන්ධයෙන් අංශ කිහිපයක් ඔස්සේ පරික්ෂණ පවත්වන බව නුවරඑළිය ජෙෂ්ඨ පොලිස් අධිකාරි බුද්ධික උඩුගමසුරිය මහතා පවසයි.

අද(18) දින අලුයම 2 ට පමණ හටගත් ගින්නෙන් එම බංගලාවේ කොටසක් සම්පුර්ණයෙන්ම ගිනිගෙන විනාශ වි ඇති බවයි පොලිස් අධිකාරිවරයා කියා සිටියේ.

ගින්න හටගන්නා අවස්තාවේ එම බංගලාව භාරව මුරකරුවෙකු පමණක් සිට ඇති අතර පැතිර යමින් තිබු ගින්න නුවරඑළිය මහ නගර සභාවේ ගිනි නිවින ඒකකය සහ හැටන් දික්ඔය නගර සභාවේ ගිනි නිවිමේ ඒකකයත් කොත්මලේ පොලිසියේ නිලධාරින් එක්ව පාලනය කිරිමට සමත් වි ඇත.

ගින්නෙන් එම බංගලාවේ තිබු පැරණි ගෘහ භාණ්ඩ රැසක් විනාශ වි ඇති අතර, ගින්නට හේතුව මෙතෙක් අනාවරණය වි නොමැත.

ගින්නෙන් සිදු වු අලාභයද මෙතෙක් තක්සේරු කර නොමැත.

ලංකා කම්කරු කොංග්‍රසයේ නිර්මාතෘ හිටපු අමාත්‍යය දිවන්ගත සෞම්‍යමුර්ති තොණ්ඩමන් මහතා දේශපාලනයට පිවිසි මුල් කාලයේදි මෙම බංගලාව මිල දි ගෙන එහි පදිංචිව සිට ඇති අතර සෞම්‍යමුර්ති තොණ්ඩමන් මහතාගේ අභාවයෙන් පසුව දිවන්ගත ආරුමුගන් තොණ්ඩමන් මහතා කෙටි කාලයක් එහි පදිංචිව සිට ඇත.

ආරුමුගන් තොණ්ඩමන් මහතාගේ අභාවයට පෙර සිට ඔහුගේ පුත් රාජ්‍යය අමාත්‍යය ජිවන් තොණ්ඩමන් මහතා එම බංගලාවේ අවසන් වරට පදිංචිව සිට තිබේ.

Related posts

සිවිල් වැසියකුට පයින් ගැසූ හමුදා නිලධාරියා‌ට වැඩ වරදී

colombotoday

උසස් පෙළ විභාගය යලි කල් යයි

Admin

“මඩ පුවත් පලකලාට මගේ ලේකම්, රුවන් ඉවත් කරන්නේ නෑ” මංගල කියයි – පුවත පලකල ඊ නිව්ස් නියෝජිතයාත් මංගලගේ ලේකම්වරයෙක්

colombotoday

ආයෝජකයන් විශාල උනන්දුවකින්

Admin

ජල බිල්පත් ගෙවීම 15% කින් පහළට

Admin

උතුරුමැද පළාත්සභාවේ මන්ත්‍රීන් කාකොටා ගනී.. සෙංකෝලයත් දෙකට කැඩේ !

colombotoday