Colombo Today Local News

තහනම් නිවේදනයෙන් පසු බස්නාහිරින් පිටවන පුද්ගලයින් ස්වයං නිරෝධායනයට

බස්නාහිර පළාතෙන් පිටතට යාම තහනම් කළ නිවේදනය නිකුත්වීමෙන් පසු අද (12) උදෑසන සිට බස්නාහිර පළාතේ සිට දිවයිනේ සෙසු ප්‍රදේශවලට පුද්ගලයින් පැමිණ ඇත්නම් ඔවුන් ස්වයං නිරෝධායනයට ලක් කිරීමට පියවර ගන්නා බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති නීතිඥ අජිත් රෝහණ මහතා පවසයි.

පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා පැවසුවේ, එලෙස පුද්ගලයින් පැමිණ ඇත්නම් සෞඛ්‍ය බලධාරීන් සමග එක්ව ඔවුන් ස්වයං නිරෝධායනයට යොමු කිරීමට කටයුතු කරන ලෙස සියලු පොලිස් ස්ථාන දැනුවත් කර ඇති බවයි.

මීට අමතරව හෝටල්, නවාතැන් පොළවල් හිමිකරුවන්ගෙන් පොලීසිය ඉල්ලා සිටින්නේ, බස්නාහිර සිට යම් අයෙකු පැමිණෙන්නේ නම්, ඒ පිළිබඳ ළඟම පොලීසියට දැනුම් දෙන ලෙසයි.

ලබන 15 වනදා මධ්‍යම රාත්‍රී 12 තෙක් බස්නාහිර පළාතෙන් පිටවීම තහනම් කෙරිණ.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක , නියෝජ්‍ය පොලිස්පති නීතිඥ අජිත් රෝහණ මහතා සඳහන් කලේ , බස්නාහිර පළාතට ඇතුළු වීමට බාධාවක් නොමැති බවයි.

කෙසේ වෙතත් එලෙස පැමිණෙන පුද්ගලයින්ට යළි බස්නාහිරින් පිටව යා හැක්කේ, ඉරිදා දිනයෙන් පසුවයි.

මේ අතර බස්නාහිර පළාතට ඇතුළු වන සහ පිටවන සියලු බස් රථ සේවා ද ලබන 15 වැනිදා මධ්‍යම රාත්‍රී 12 .00 දක්වා අත්හිටුවා තිබේ.

මේ අතර , ලබන 15 වන දා දක්වා , දුම්රිය වලට බස්නාහිර පළාත තුළට පැමිණීමට අවසර ලබා දී ඇති නමුත් , බස්නාහිර පළාත් සීමාව තුළින් පිටවීමට අවසර හිමි නොවන බව දුම්රිය දෙපාර්තමේන්තුව දැනුම් දෙයි.

ඒ අනුව බෙලිඅත්ත, මහනුවර , මහව , පුත්තලම සහ අවිස්සාවේල්ල යන දුම්රිය ස්ථාන වලින් ගමන් ආරම්භ කරන දුම්රියන් වලට අද පෙරවරුවේ කොළඹ කොටුවට ළඟා වීමට අවසර හිමිවනු ඇති.

පස්වරුවේ ගමනාන්ත කරා ධාවනය වන දුම්රියවල ගමන් ගනු ලබන මගීන්ට බස්නාහිර පළාතේ සීමාවන්වල පිහිටි අවසන් දුම්රිය ස්ථාන වන අලුත්ගම, අඹේපුස්ස, කොච්චිකඩේ, අවිස්සාවේල්ල දක්වා කොළඹ සිට ගමන් කිරීමට අවස්ථාව ඇතැයි ද දුම්රිය දෙපාර්තමේන්තුව දැනුම් දෙයි.

Related posts

මත් කරල් හා ගබ්සා පෙති තොගයක් සමග පල්ලිමුල්ලේ ව්‍යාපාරිකයෙක් අත්අඩංගුවට

colombotoday

කොටි සැකකරුට වෙඩි තැබූ වරදට ලක්ෂ 20ක් වන්දි ගෙන්න සිදුවූ මේජර් සිදුකළ සංවේදී හෙළිදරව්ව

colombotoday

ජනපති, හිටපු ජනපති පුතුන් මැතිවරණ වේදිකාවේ.. මුල්වරට කීව කතා මෙන්න (Video)

colombotoday

ආණ්ඩුවේ පත්තරේ ජනමාධ්‍ය ලේකම්වත් බයිට් කරයි.. ඡායාරූපයක් අමුතු විදිහට විකෘති කරලා !

colombotoday

නිරෝධායන නීති අනුව පාර්ලිමේන්තු සැසිවාරය පැවැත්වීම වැරදියි.. 20 ගැන විවාදය කල් දමන්න – විපක්ෂයේ ප්‍රධාන සංවිධායක

colombotoday

කඩු ගොඩක් ගෙනත් තියෙන්නේ උක් කපන්න. කඩුවයි පල්ලියයි පෙන්නලා බලුවැඩ කරන්න එපා – මරික්කාර්

colombotoday