Colombo Today Local News

තවුහිඩ් ජමාත් නායකයන් ලෙස පෙනී සිටිමින් දඹුලු විහාරයේහිමිගෙන් කෝටි 10ක් ඉල්ලූ 3ක් අත්අඩංගුවට

තවුහිත් ජමාත් සංවිධානයේ ප්‍රබලයන් බව පවසමින් ඓතිහාසික රංගිරි දඹුලු රජමහ විහාරස්ථ ශ්‍රී විෂ්ණු දේවාලයේ භාරකාර නාහිමියන්ගෙන් රුපියල් කෝටි 10 ක කප්පම් මුදල් ඉල්ලා සිටි පුද්ගලයන් තුන්දෙනෙකු පෙට්‍රල් බෝම්බයක් සමග සැකපිට ඊයේ (8) රාත්‍රියේ පොලීසිය මගින් අත්අඩංගුවට ගෙන තිබේ.

මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ දඹුල්ල සහ සීගිරිය ප්‍රදේශ වල පදිංචි තව්හිත් ජමාත් සංවිධානයේ නායකයන් ලෙස ව්‍යාජ ලෙස පෙනී සිටි සිංහල ජාතිකයන් තිදෙනෙකු බව දඹුල්ල මුලස්ථාන පොලිස් පරීක්ෂක සම්පත් වික්‍රමරත්න මහතා පැවසීය.

දින ගණනාවක සිටම ඓතිහාසික රංගිරි දඹුලු රජමහා විහාර සහ ශ්‍රී විෂ්ණු දේවාලයේ භාරකාර සියම් මහා නිකායේ අස්ගිරි පාර්ශවයේ මාතලේ දිසාවේ උප ප්‍රධාන සංඝනායක අඹගස්වැව රාහුල මාහිමියන් ගේ ජංගම දුරකථනය හරහා ඇමතුම් ලබා ගනිමින් තමන් තව්හිත් ජමාත් සංවිධානයේ බව පවසා රුපියල් කෝටි 10ක මුදලක් අවශ්‍ය බව පවසා තිබේ, මුදල ලබා නොදෙන්නේ නම් නාහිමියන් ඝාතනය කරන බව ද ඔවුන් මුස්ලිම් ජාතිකයන් සිංහල භාෂාව කතා කරන විලාසය ට දැනුම්දී ඇතැයි පොලිසිය කියයි,

පසුව නාහිමියන්ගේ දැනුම්දීම පරිදි දඹුල්ල මුලස්ථාන පොලිස් පරීක්ෂක සම්පත් වික්‍රමරත්න මහතා නාහිමියන් ආසන්නයේ රැඳී සිටිමින් දින කිහිපයක්ම ලැබෙන ඇමතුම් ඉතා සූක්ෂම ලෙස පටිගත කර, ඔවුන්ගේ දුරකථන විශ්ලේෂණ දත්ත අනුව මොවුන් අත්අඩංගුවට ගෙන තිබේ.
මෙම සැකකරුවන් ඇමතුම් ලබාගෙන ඇති දුරකථන සිම් කාඩ් පත පාදුක්ක ප්‍රදේශයේ පදිංචි මුස්ලිම් ජාතිකයක්ගේ නමට ලියාපදිංචි කර තිබුණු බව පොලිසිය කියයි . එම සිම් පත ලබාගැනීම සදහා මේ පිරිසට දුරකථන පුද්ගලික සමාගමක සේවකයකු ගේ සහයෝගය ලබාගෙන තිබේ ,

මෙසේ අත්අඩංගුවට පත් තිදෙනාගෙන් දෙදෙනකු නා හිමියන් වැඩසිටින පන්සලේ යාබද පන්සලක සේවය කරන රියදුරෙකු හා හිටපු රියදුරෙකු බව පොලිසිය කියයි ,අනෙක් සැකකරු ප්‍රදේශයේ ව්‍යාපාරිකයෙකි.

කප්පම් මුදල් ලබාගැනීම සදහා නා හිමි පාරේ ගමන් කරද්දී පෙට්‍රල් බෝම්බ ප්‍රහාරයක් එල්ල කිරීමට සැළසුම් කළ බවත් ඒ සදහා සිගිරිය ප්‍රදේශයේදී පෙට්‍රල් බෝම්බ දෙකක් පුපුරවා අත්හදා බැලු බව පොලිස් පරීක්ෂණවලදී හෙළිවී තිබේ .

සැකකරුවන් 09 දින දඹුල්ල මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබේ .

Related posts

ඔමික්‍රෝන් හඳුනා ගැනීමේ ජාන විශ්ලේෂණ කටයුතු ඇරඹේ

colombotoday

අපේ හාමුදුරුවෝ බන කියනවා, හිත පිනවනවා – එත් බඩ පිරෙන්නේ නෑ අපේ හාමුදුරුවනේ – බෝගස්වැවින් ඇසෙන අදෝනාව

colombotoday

ෆේස්බුක්, වට්ස්ඇප් සහ ඉන්ස්ටග්‍රෑම් බිඳ වැටෙයි

colombotoday

ඔක්සිජන් හිඟයක් ඇති වී මරණ සංඛ්‍යාව ඉහළ යා හැකියි – සෞඛ්‍ය අංශ අනතුරු අඟවයි.

colombotoday

ගෝඨාභය දුමින්දට ජනපති සමාවදීම නීතියට පටහැනී

Admin

පැය 24ක් තුළ බස්නාහිර පළාතේ කළ වැටලීම්වලින් මත්ද්‍රව්‍ය සමඟ 381ක් අත්අඩංගුවේ

colombotoday