Colombo Today Local News

ඩග්ලස් දේවානන්ද පාර්ලිමේන්තු සභාවට

පාර්ලිමේන්තු සභාවේ අග්‍රාමාත්‍යවරයාගේ නියෝජිතයා ලෙස ධීවර අමාත්‍ය ඩග්ලස් දේවානන්ද මහතා පත්කළ බව අග්‍රාමාත්‍ය කාර්යාලය නිවේදනය කරයි.

අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා විසින් ඉදිරිපත් කළ එම යෝජනාවට ඊයේ (02)දින කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතාගේ අනුමැතිය හිමි වී තිබුණි.

20වන ව්‍යවස්ථා සංශෝධනයට අනුව පාර්ලිමේන්තු සභාවේ සංයුතිය වෙනස් වේ.

ඒ අනුව පාර්ලිමේන්තු සභාව අග්‍රාමාත්‍යවරයා, කථානායකවරයා, විපක්ෂ නායකවරයා ඇතුළුව අග්‍රාමාත්‍යවරයා විසින් පත්කරන නියෝජිතයෙකු, කථානායකවරයා විසින් පත්කරන නියෝජිතයෙකු හා විපක්ෂ නායකවරයා විසින් පත්කරන නියෝජිතයෙකුගෙන් සමන්විතය.

පාර්ලිමේන්තු තේරීම් කාරක සභාව, පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාව, උසස් නිලතල පිළිබඳ කාරක සභාවේ සාමාජිකත්වය දරන, අමාත්‍ය ඩග්ලස් දේවානන්දා මහතා ධීවර කටයුතු පිළිබඳ අමාත්‍යාංශයීය උපදේශක කාරක සභාපතිවරයා ලෙසද කටයුතු කරයි.

එමෙන්ම කිළිනොච්චි දිස්ත්‍රික්ක සම්බන්ධීකරණ කමිටුවේ සම සභාපතීත්වය ඔහු විසින් දරනු ලබයි.

Related posts

පාර්ලිමේන්තුව විනාඩි 5කට සීමාවෙයි. නොවැම්බර් 23 තෙක් කල්තැබෙයි.

colombotoday

ශ්‍රී ලංකාවේ විශේෂ නියෝජිතයෙක් අද ට්‍රම්ප් හමුවෙයි !!

colombotoday

පොහොර සැපයීම සහතික කරන්න ඩොලර් මිලියන 600ක් අවශ්‍යයි

colombotoday

කාන්තාවක් දුෂණයකට සැකපිට අලව්වේ පොහොට්ටු මන්ත්‍රී අත්අඩංගුවට

colombotoday

ඇමති ජෝන්ගේ බලයෙන් කෝවිලේ ඉඩමක් පල්ලියෙන් ආක්‍රමණය කරලා

colombotoday

හෝමාගමින් ටී-56 ගිනි අවි 02ක් සොයා ගනී.. පොලිස් කොස්තාපල්වරයෙකු අත්අඩංගුවේ

colombotoday