බොදු බල සේනා මහ ලේකම්, විචිත්‍ර ධර්ම කථික, රාජකීය පණ්ඩිත ගලගොඩඅත්තේ ඥානසාර හිමි මේ වසරේදී ධර්ම දේශනා 270 කට අධික ප්‍රමාණයක් සිදුකර ඇති බව වාර්තා වෙනවා. කටින පින්කම් සිදු කරන මේ මාසයේ බොහෝ දිනවලදී දිනකට ධර්ම දේශනා දෙකක් යෙදී ඇති බවයි එම සංවිධානය සදහන් කර සිටියේ. Colombo Today වෙත සම්මුඛ සකජ්ජාවක් ලබාගැනීම සදහා දුරකථනය ඔස්සේ අප උන්වහන්සේව සම්භන්ධ කර ගැනීමට උත්සහ දැරූ අතර මේ මස 30 වනදා දක්වා සෑම දිනකම දිවයිනේ විවිධ ප්‍රදේශවලදී පැවැත්වෙන ධර්ම දේශනා හේතුවෙන් වෙලාවක් ලබා ගැනීමට අපට නොහැකි විය.
අමා වැස්ස නිර්මානය කරමින් අයාලේ යන තාරුණ්‍ය යහමගට ගැනීම සදහා තාරුණ්‍ය මෙහෙයවූ උන් වහන්සේගේ සුමිහිරි ධර්ම දේශනා විලාසය තරුණ සිත් ධහම් ගගුලේ ගිල්ලවීමට සමත්විය. තරුණ තරුණයින් 50 000 කට වඩා පිරිසක් පෙම්වතුන්ගේ දිනයේදී සිල් සමාදන් කරවීමට උන්වහන්සේ සමත් වුයේ සුමුදුර ධර්ම දේශනා ශෛලීය හේතුවෙන් බව බොහෝ දෙනා පවසති.
උන්වහන්සේ විසින් මෙහෙයවන ලද “අමා වැස්ස” වැඩසටහනක්
ධර්ම දේශනයකට පසුව ආශීර්වාද ලබාගැනීමට උත්සහ කරන උපාසක උපාසිකාවන්…