Colombo Today Local News

ඥානසාර හිමි අපේක්ෂක “අපේ ජන බල” පක්ෂය ඉදිරිපත් කළ රීට් පෙත්සම් විභාගයට නොගෙනම ප්‍රතික්ෂේපයි

මහ මැතිවරණය සඳහා දිස්ත්‍රික්ක හතරක් වෙනුවෙන් තම පක්ෂය බාර දුන් නාම යෝජනා පත්‍ර ප්‍රතික්ෂේප කිරීමට එරෙහිව පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් ද අපේක්ෂකත්වය දරන “අපේ ජන බල” පක්ෂය විසින් ඉදිරිපත් කළ රිට් පෙත්සම් විභාගයට නොගෙන ප්‍රතික්ෂේප කිරීමට අභියාචනාධිකරණය තීන්දු කර තිබේ.

අභියාචනාධිකරණයේ සභාපති විනිසුරු ඒ. එච්. එම්. ඩී. නවාස් සහ සෝභිත රාජකරුණා යන මහත්වරුන්ගෙන් සමන්විත අභියාචනාධිකරණ විනිසුරු මඩුල්ල විසින් මෙම නියෝගය කරනු ලැබිය.

තීන්දුව ප්‍රකාශයට පත් කරමින් අභියාචනාධිකරණ විනිසුරු මඩුල්ල සඳහන් කළේ අදාළ පෙත්සම් විභාග කිරීම සඳහා නොතීසි නිකුත් කිරීම ප්‍රතික්ෂේප කරන බවයි.

“අපේ ජන බල” පක්ෂය විසින් කුරුණෑගල, කොළඹ, කළුතර සහ මොනරාගල දිස්ත්‍රික්ක සඳහා ඉදිරිපත් කළ නාමයෝජනා පත්‍ර ප්‍රතික්ෂේප කිරීමට එරෙහිව මෙම පෙත්සම් ඉදිරිපත් කර තිබුණි.

“අපේ ජන බල“ පක්ෂය යටතේ තරඟ වදින පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමි සහ පූජ්‍ය අතුරලියේ රතන හිමියන් ඇතුළු අපේක්ෂකයින් පිරිසක් විසින් මෙම පෙත්සම් ඉදිරිපත් කර කළේය.

අභියාචනාධිකරණය හමුවේ ගොනු කර ඇති එම පෙත්සම්වලින් සඳහන් කර තිබෙන්නේ “අපේ ජන බල” පක්ෂය විසින් ඉදිරිපත් කළ නාමයෝජනා පත්‍රවල අන්තර්ගත දිවුරුම් පෙත්සම් සහතික කළ සාමදාන විනිසුරුවරයාගේ අත්සන නොමැති බව ප්‍රකාශ කරමින් ඒවා ප්‍රතික්ෂේප කිරීමට දිස්ත්‍රික් තේරීම්භාර නිලධාරින් කටයුතු කළ බවයි.

එහෙත් මැතිවරණ නීතියට අනුව මේ ආකාරයට නාමයෝජනා පත්‍ර ප්‍රතික්ෂේප කිරීමට තේරීම්භාර නිලධාරීන්ට බලයක් නොමැති බව පෙත්සම්වලින් සඳහන් වෙයි.

මේ හේතුවෙන් තම නාමයෝජනා පත්‍ර ප්‍රතික්ෂේප කිරීමට අදාළ දිස්ත්‍රික් තේරීම්භාර නිලධාරින් ගත් තීරණ නීතියට පටහැනි යැයි තීන්දු කොට එම තීරණ බල රහිත කිරීමේ රිට් ආඥාවක් නිකුත් කරන ලෙස අදාළ පක්ෂය අභියාචනාධිකරණය ද ඉල්ලා සිටී.

ඊට අමතරව ප්‍රතික්ෂේප කළ සිය නාමයෝජනා පත්‍ර යළි භාර ගන්නා ලෙස මැතිවරණ කොමිසමට නියෝගයක් නිකුත් කරන ලෙසත් අදාළ පක්ෂය සිය පෙත්සමෙන් ඉල්ලා තිබේ.

Related posts

‘ෆොන්සේකා හමුදාපති කලේ මිනීමරු මානසිකත්වය නිසා‘ – ප්‍රසන්න රණතුංග

colombotoday

ජල විදුලිය දීමට හැක්කේ තවත් සති 6ක් පමණයි

Admin

එක්සත් අරාබි එමීර් රාජ්‍ය වැසියන්ට ශ්‍රී ලංකාව ඇතුළු රටවල් 14ක ගමන් තහනමක්

colombotoday

මධ්‍යම පරිසර අධිකාරියේ ටෙන්ඩර් මගඩියක් නිසා විශාල පාඩුවක්…!

colombotoday

පරෙවි දූපතේ තාවකාලික පාලම ජනතා අයිතියට.

colombotoday

බැදුම්කර කොමිසමෙන් තවත් රහසක් එළියට.. රෝසිගේ පුතාගේ නමත් ගෑවෙයි !

colombotoday