Colombo Today Local News

ඥානසාර හිමියන් රට, ජාතිය සම්බන්ධයෙන් ජීවිත පරිත්‍යාගයෙන් කටයුතු කළා – මහනායක හිමි

aththadassi_thero
රට – ජාතිය අර්බුදකාරී තත්ත්වයට පත්වු අවස්ථාවල මහා සංඝරත්නය ජීවිත පරිත්‍යාගයෙන් කටයුතු කළ බව අස්ගිරි පාර්ශවයේ මහනායක අති පූජ්‍ය ගලගම ශ්‍රී අත්තදස්සි හිමි පවසයි.

අද (27) ජාතික ඒකාබද්ධ හා ප්‍රතිසන්ධාන රාජ්‍ය අමාත්‍ය ඒ.එච්.එම් ෆවුසි මහතා අස්ගිරි පාර්ශවයේ මහනායක හිමියන් බැහැදුටු අවස්ථාවේදී උන්වහන්සේ මේ බව සඳහන් කළේය.

පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් මේ අවස්ථාවේදී රිමාන්ඩ් බාරයේ පසුවන බවත්, උන්වහන්සේද රට – ජාතිය සම්බන්ධයෙන් ජීවිත පරිත්‍යාගයෙන් කටයුතු කළ අයෙකු බවත් අත්තදස්සි හිමියන් කියා සිටියේය.

ඒ නිසාම කටයුතු හරියාකාරව සිදුවිය යුතු බවත්, ජාතීන් අතර සමගිය වර්ධනය විය යුතු බවත් මහනායක හිමියන් අවධාරණය කළේය.

එකක් උඩින් එකක් යටින් කතා හොඳ නැති බවත්, යමක් පිළිබඳ කතා කළ යුත්තේ පිරිසිදු චේතනාවෙන් යුතුව බවත්, මානව දයාවෙන් යුතුව කටයුතු කළ යුතුව ඇති බවත් උන්වහන්සේ මෙහිදී වැඩිදුරටත් සඳහන් කළේය.

Related posts

කොවිඩ් වැළැක්වීමේ ජාතික මෙහෙයුම් මධ්‍යස්ථානයේ වෙනසක්

colombotoday

ඊයේ ඇවිලී ගිය ගාල්ල ගිංතොටට ඥානසාර හිමි වැඩම කරති.

colombotoday

මංගලගේ මත්පැන් ව්‍යාප්තියට එරෙහිව මහ සගරුවන රතු එළි දල්වයි

colombotoday

“සිංහල-මුස්ලිම් ගැටළු යහපත්ව විසදන්න අපට බැරිවුණා.. පරාජයට ඒකත් හේතුවක්“ – හිටපු ජනපති

colombotoday

මේ වැරැද්ද කලොත් බටහිරයට කෙලින්ම ගහනවා

Admin

ඇදිරිනීතිය නොතකා මහමග ගී ගයමින් විනෝද වූ මුස්ලිම් ජාතිකයන් හයක් අත්අඩංගුවට…

colombotoday