UncategorizedWorld

ජායිෂ් ඊ මොහොමඩ් ත්‍රස්ත ප්‍රහාරයක්… ඉන්දීය හමුදාවේ 40ක් මරුදකී…

ශ්‍රීනගර් – ජම්මු අධිවේගීමාර්ගයේ පුල්වාමා හිදී ත්‍රස්තවාදීන් පිරිසක් විසින් ඉන්දියාවේ ආරක්ෂක බස් රථ පෙළක් ඉලක්ක කර පුපුරවා හරින ලද මෝටර් රථ බෝම්බයකින් 40කට ආසන්න ආරක්ෂක සාමාජිකයින් ප්‍රමාණයක් මිය ගොස් තවත් පිරිසක් තුවාල ලබා ඇතැයි එරට මාධ්‍ය වාර්තා කරයි. පිපිරුම සිදුවූ අවස්ථාවේ ආරක්ෂක රථ 70ක් පමණ පෙලට ගමන්කරමින් තිබී ඇත.

කිලෝ 350ක් පමණ පුපුරන ද්‍රව්‍ය, පිපිරීමට සැලැස්වූ මෝටර් රථයේ තිබී ඇති බවයි විදෙස් වාර්තා පෙන්වා දෙන්නේ. තුවාල ලැබූ හමුදා සාමාජිකයින් ශ්‍රී නගර්හි පිහිටි හමුදා රෝහල වෙත යවා තිබේ.

පාකිස්තානය කේන්ද්‍රකර ගනිමින් ක්‍රියාත්මක ජායිෂ් – ඊ- මොහොමඩ් නමැති ත්‍රස්තවාදී කල්ලිය මෙම ප්‍රහාරයෙහි වගකීම භාරගෙන ඇත. මෙම සංවිධානයට එරෙහිව ජාත්‍යන්තර වශයෙන් සම්බාධක පැනවීමක් කරන්නැයි ඉන්දීය රජය ඉල්ලා තිබේ.

පාකිස්ථාන රජය මේ සම්බන්ධයෙන් දැඩි කනගාටුව ප්‍රකාශ කර තිබේ.

Related posts

ජනාවාස පිහිටුවීමට සමගාමීව සද මතුපිට පාපන්දු තරගයක්

Admin

පාරේ නැටූ යුවලකට වසර 10ක සිර දඬුවමක්

Admin

ලොව පළමු DNA කොවිඩ් මර්දන එන්නත ලබාදීම අරඹයි

colombotoday

ෂී ජින් පින් චීන ඉතිහාසය වෙනස් කරයි

Admin

කොරෝනා ආසාදිතයින් ගණන ලක්ෂ 35 පන්නයි.

colombotoday

නොමිලේ හද වටේ රවුමක් යන්න 08දෙනෙකුට අවසථාව

colombotoday