Colombo Today Local News

ජාතික වෙළෙඳ ප්‍රතිපත්තියේ යෝජනාවලිය ජනපතිට පිළිගන්වයි !

ජාතික වෙළෙඳ  ප්‍රතිපත්තියක් සඳහා වූ  යෝජනාවලිය ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා වෙත පිළිගැන්වීම ඊයේ (03) පස්වරුවේ කොළඹ 07, විද්වත් වෘත්තිකයන්ගේ සංගම් මධ්‍යස්ථානයේ දි  සිදු විය.

අන්තර්ජාතික වෙළෙදාම සඳහා ජාතික වෙළෙඳ  ප්‍රතිපත්තියක්  සම්පාදනය කිරීමේ අවශ්‍යතාව කලක සිට සංවාදයට ලක් විය. ඒ වෙනුවෙන් වෘත්තිකයන්ගේ ජාතික පෙරමුණ විසින් මහජන කොමිසමක් පත් කරනු ලැබීය. කොමිසම වෙත විවිධ පාර්ශ්වයන් ලබාදුන් අදහස්වල සාරාංශය යෝජනාවලියට ඇතුළත්ය. වෘත්තිකයන්ගේ ජාතික පෙරමුණේ සභාපති විශේෂඥ වෛද්‍ය අනුරුද්ධ පාදෙණිය මහතා වාර්තාව ජනාධිපතිතුමා වෙත පිළිගැන්වූයේ ය.

“නෛතික නිදහසින් වසර 72කට පසු ප්‍රතිපත්ති සම්පාදනය තුළින් සැබෑ නිදහසක් කරා”යන තේමාව යටතේ පැවති ප්‍රදර්ශනය නැරඹීමටද ජනාධිපතිතුමා එක්විය.

මෙවන් ප්‍රතිපත්තියක් මෙතෙක් ක්‍රියාත්මක නොවීම හේතුවෙන් ආණ්ඩු මාරුවිමේ දී ආර්ථික ප්‍රතිපත්ති ද විවිධ වෙනස්කම්වලට ලක් වේ. එය රටේ ස්ථාවරත්වයට සහ දියුණුවට යහපත් තත්ත්වයක් නොවන බව ද මෙහිදී අවධාරණය කෙරිණ.

සෞඛ්‍ය ඇමති පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය සහ  වෘත්තිකයන්ගේ ජාතික පෙරමුණේ සාමාජිකයෝ මෙම අවස්ථාවට එක්ව සිටියහ.

Related posts

එන්නත නොගත් පෞද්ගලික බස් සේවකයන්ට අගෝස්තු 15න් පසු රැකියා නෑ

colombotoday

හිටපු පළාත් සභා මන්ත්‍රීවරයෙක් උද්‍යාන මාවතේ ඇවිදින්න ගිහින් මරුට

Admin

පැය තුනකට වැඩි විදුලි කප්පාදුවක්

colombotoday

දිවයින පුරා ඡන්ද ගණන් කිරීමේ මධ්‍යස්ථාන 66ක්

colombotoday

දේශපාලන පළිගැනීම් පිළිබඳ කොමිසමේ නිර්දේශ ක්‍රියාත්මක කිරීමට විශේෂ ජනපති කොමිසමක්

colombotoday

“ජිනීවා ගිහින් රජයේ හමුදාව පාවා දුන් සන්ධ්‍ය එක්නැලිගොඩ තවමත් නිදැල්ලේ.. කෝ නීතිය” – මේජර් අජිත් ප්‍රසන්න

colombotoday