Colombo Today Local News

ජාතික උරුමයන් ආරක්‍ෂා කරන බවට ආරක්‍ෂක ලේකම් සහතික වෙයි

පුද්ගල සහ සංවිධානාත්මක කණ්ඩායම් විසින් සිදුකරනු ලබන විනාශයන්ගෙන් සහ ආක්‍රමණයන්ගෙන් පුරාවිද්‍යාත්මක හා ඓතිහාසික වටිනාකමකින් යුතු ස්ථාන ආරක්‍ෂා කිරීමට මේජර් ජෙනරාල් (විශ්‍රාමික) කමල් ගුණරත්න මහතා සහතික විය.

නැගෙනහිර පළාතේ අම්පාර දිස්ත්‍රික්කයේ ‘මුහුදු මහා විහාරය’ සහ ‘දීඝවාපිය’ පුරාවිද්‍යාත්මක ස්ථාන වෙත ඊයේ (14) දින පැමිණි අවස්ථාවේදී ගම්වැසියන් හා බෞද්ධ හිමිවරුන් කිහිප දෙනෙකු මුණගැසුණු අවස්ථාවේදී ඔහු මේ බව පැවසීය.

ආරක්‍ෂක ලේකම්ගේ උපදෙස් අනුව පොතුවිල් හි ඉපැරණි බෞද්ධ විහාරස්ථානයක් වන මුහුදු මහා විහාරය ආශ්‍රිතව ආරක්‍ෂාව පවත්වා ගැනීම සඳහා නාවික හමුදා උප අනුඛණ්ඩයක් ස්ථානගත කර ඇත.

විහාර භූමිය අනවසරයෙන් අල්ලා ගැනීමට ඉඩ නොදෙන බව ඔහු විහාරස්ථානාධිපති පුජ්‍ය වරකාපොල ඉන්ද්‍රතිස්ස හිමි වෙත දැනුම් දුන්නේය.

එවකට පුරාවිද්‍යා කොමසාරිස් ජෙනරාල්ව සිටි සෙනරත් පරණවිතානයන් විසින් 1951 දී ප්‍රකාශයට පත් කරන ලද අක්කර 72 ක විහාර භුමි ප්‍රමාණය 1965 දී ගැසට් නිවේදනයකින් අක්කර 32 දක්වා අඩු කළ බව පූජ්‍ය ඉන්ද්‍රතිස්ස හිමි ආරක්‍ෂක ලේකම් වෙත දන්වා සිටියේය.

“මේ වන විට එම ඉඩමෙහි පවුල් 42 ක් පදිංචිව සිටින අතර ඔවුන් පන්සලේ ඉතිරි ඉඩම් ද අත්පත් කරගනිමින් සිටිනවා” විහාරාධිපති හිමියන් මේ බව පවසමින් මෙම ගැටළුව කඩිනමින් විසඳා දෙන ලෙස ආරක්‍ෂක ලේකම්වරයාගෙන් ඉල්ලා සිටියේය.

ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ සහ අගමැති මහින්ද රාජපක්‍ෂ මහතාගේ උපදෙස් මත මෙම ඉහල පෙලේ ආරක්‍ෂක අංශ දූත පිරිස මුහුදු-මහා විහාරය සහ දීඝවාපිය යන ප්‍රදේශවල සංචාරය කළහ.

Related posts

මෝටර් රථයක් අඩි 500ක් ප්‍රපාතයකට පෙරළී කිවුල් ළිඳ ඔයට වැටෙයි

colombotoday

වාහන ආනයනයට කොළ එළියක්

Admin

ජනපතිගේ අවධානය ගැනීමට නම් තනපටයක් එල්ලා තබන්නැයි සිරගත රණවිරුවන්ට මධුමාධවගෙන් උපදෙස්

colombotoday

එජාපයේ ලොකු වෙනසක්.. මහලේකම් අකිල? සජිත්ට තිබූ තැනත් නැතිවෙන හැඩ

colombotoday

ජනපති මාධ්‍ය අධ්‍යක්ෂක මොහාන් සමරණායක !

colombotoday

යෝෂිත රාජපක්ෂ CIDයට

Admin