Colombo Today Local News

ජාතික ආණ්ඩුවකට නැවතත් සාකච්ඡා… ද්‍රවිඩ සන්ධානයත් සහයට…

එක්සත් ජාතික පෙරමුණු සමගි සන්ධාන රජයේ ප්‍රතිපත්ති පිළිගන්නා සියළු පාර්ශව එක්කරගනිමින් යහපාලනය සඳහා වු ජාතික ආණ්ඩුවක් පිහිටුවීමට රජය තීරණය කර තිබෙනවා.

අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා සහ එක්සත් ජාතික පෙරමුණ නියෝජනය කරන හවුල්කාර පක්ෂවල පාර්ශව ගණනාවක් සමග පැවැත්වු සාකච්ඡාවලින් අනතුරුව මෙම තීරණයට එළැඹි බවයි වාර්තා වන්නේ.

ජාතික රජය පිහිටුවීම සඳහා ද්‍රවිඩ ජාතික සන්ධානයේ සහය ලබාගැනීම සඳහා සාකච්ඡාවක් මේවන විට එක්සත් ජාතික පෙරමුණේ නියෝජිතයින් සමග සාර්ථකව ක්‍රියාත්මක වන බවද සඳහන්.

ගෙවීමට ඇති ණය පියවමින් ජනතාවට උපරිම සහනදීමට යහපාලනය සඳහා වු එක්සත් ජාතික පෙරමුණු සමගි සන්ධානය ගෙන ඇති තීරණය අනුව සියළු පක්ෂ ජාතික රජයට එක්කරගැනීමටයි සැළසුම් කර ඇත්තේ.

ජාතික ආණ්ඩුවක් පිහිටුවීමේ යෝජනාව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර, එය සරල බහුතර ඡන්දයෙන් සම්මත කරගැනීමට නියමිත බවද වැඩිදුරටත් සඳහන්.

Related posts

අල්ලස දූෂණයට එරෙහිව පෙරට එන්නැයි ජනතාවට ආරාධනා කරන ජනපති පෙරට එන්නේ නෑ…

colombotoday

ඇමති දෙපළකට එරෙහිව ශ්‍රීලනිපයෙන් කැරැල්ලක් !

colombotoday

කතරගම 400ක් ගිනි පාගයි

colombotoday

ඖෂධ මගඩිය හෙළිදරව්වෙන් ඇමති පුතා කිපෙයි.. මරණ තර්ජණ !

colombotoday

පාස්කු ප්‍රහාරයට සැකකරුවකු ව සිටී බදියුදීන් නඩුවෙන් නිදහස්

Admin

පුරාවිද්‍ය සංරක්ෂණයට ඒකාබද්ධ වැඩපිළිවෙලක්.. පුරාවිද්‍යා බලධාරීන්ට ජනපති දින දෙයි ! (Video)

colombotoday