ජ.වි.පෙ. හා ජාතික විද්වත් සංවිධානය ගොඩනගා ඇති දේශපාලන පෙරමුණේ ජනාධිපති අපේක්ෂකයා ලෙස ජ.වි.පෙ. නායක අනුර කුමාර දිසානායක නම් කිරීමට එහි අභ්‍යන්තර සාකච්ඡා කිහිපයකදීම තීරණය වී තිබේ.
ජාතික ජනබල පෙරමුණ ලෙස සංවිධානයක් ගොඩනගා එමගින් ජනාධිපතිවරණයට ඉදිරිපත් කිරීමට සැලසුම් කර ඇත. එම පෙරමුණේ ජනාධිපති ධුර අපේක්ෂකයා ලබන අගෝස්තු මස 18 වන දින ගාලු මුවදොර පිටියේදී නම් කිරීමට තීරණය වී ඇති අතර ඒ සඳහා ලක්ෂයකට ආසන්න පිරිසක් සහභාගි කර ගැනීමට සැලසුම්කොට ඇති බව ජ.වි.පෙ. දේශපාලන මණ්ඩල සාමාජික කේ.ඩී. ලාල්කාන්ත පැවැසීය.
යටිනුවර ප්‍රදේශයේ පැවැති පක්ෂයේ අභ්‍යන්තර සාකච්ඡාවකදී ඒ අනුව පක්ෂය ලියාපදිංචිය, පක්ෂයේ සලකුණ සහ පක්ෂයේ පාලකයා තීරණය කිරීම පසුවට සිදුකිරීමට සැලසුම් කර තිබේ.