ඇඹිලිපිටිය නගර සභාවේ යෝධගම කොට්ඨාසයට ජනතා විමුක්ති පෙරමුණෙන් තරගවදින අපේක්ෂක ඉන්දික ප්රසාද් ගුණසිංහ මහතාට අයත් මෝටර් රථයට අද(18) අලූයම කිසියම් පිරිසක් විසින් ගිනි තබා ඇත.
ඇඹිලිපිටිය, පනාමුර පාරේ ෆයින්සිටි නිවෙස් පාරේ පිහිටි සිය නිවස ඉදිරිපිට මෙම මෝටර් රථය නවත්වා තිබූ අවස්ථාවේ අලූයම දෙකයි විස්සට පමණ ගිනි ගන්නවා දැක නිවා දැමු බවද ඉන්දික ප්රසාද් ගුණසිංහ මහතා පොලිසියට පැමිණිලි කර ඇත.
ඇඹිලිපිටිය පොලීසිය සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුරටත් පරීක්ෂණ පවත්වයි.