Colombo Today Local News

ජල ගාස්තුවත් 15%කින් ඉහළට ?

සියයට පහළොවකින් (15%) ජල ගාස්තු ඉහළ නැංවිය යුතු බවට ජල සම්පාදන අමාත්‍යාංශය කැබිනට් මණ්ඩලයට යෝජනාවක් ඉදිරිපත් කර තිබේ.

වසර 8කින් පමණ ජලබිල්පත් ගාස්තු ඉහළ නංවා නොමැති නිසා ජල සම්පාදන මණ්ඩලය දැනට ජනතාවට ජලය සපයන්ගේ අලාභයට බව එම අමාත්‍යාංශය කියයි. දැනට වාර්ෂිකව ජලය විකිණීමෙන් ජල සම්පාදන මණ්ඩලය වසරකට ලබන ආදායම රුපියල් කෝටි 2300කි. එම මුදල තවත් රුපියල් කෝටි 700කින් පමණ ඉහළ නංවා වාර්ෂික ආදායම රුපියල් කෝටි 3000ක් දක්වා වර්ධනය කරගැනීම ජල ගාස්තු ඉහළ නැංවීමේ යෝජනාවේ අරමුණ බව කියැවේ. එහෙත් සමෘද්ධිලාභීන්ට සහ ආගමික ස්ථානවලට ඉදිරියටත් සහන මිලටම ජලය සැපයෙනු ඇත.

කෙසේ හෝ මේ සම්බන්ධයෙන් අමාත්‍ය මණ්ඩලයට ඉදිරිපත්වූ යෝජනාව විද්වත් කමිටුවක් මගින් අධ්‍යයනය කොට තීන්දුවක් ගතයුතු බවට අමාත්‍යවරුන් රැසක්ම යෝජනා කළ බැවින් ඒ සඳහා විද්වත් කමිටුවක් පත්කිරීමට රජය තීන්දු කළේය.

Related posts

රන් භාණ්ඩ සොරකමේ ගිය අඹුසැමි යුවළක් අත්අඩංගුවේ

Admin

කොළඹ – නුවර ගමනාගමනයට විකල්ප මාර්ග

colombotoday

රාති‍්‍ර කාලයේ පුහුණුවිම් කරන මුස්ලිම් දේවස්ථානයක් වටලයි

colombotoday

ජනපති මෛත්‍රී ධවල මන්දිරයේදී ඇමරිකා ජනපති ට්‍රම්ප් හමුවෙයි

colombotoday

කොරෝනා ආසාදිත රෝගීන් ගණන 557 දක්වා ඉහලට.

colombotoday

ඉල්ලපු දේ දෙන්න ආණ්ඩුව එකග වෙලා.. රන්නප්‍රියගේ තවත් වැඩ වර්ජනයක් අතරමග නවතී

colombotoday