Colombo Today Local News

ජන්ද පත්‍රිකා මුද්‍රණය කිරිමට සුදානම් කරන්න කොමිසන් දැනුම් දෙයි

ඉදිරි පාර්ලිමේන්තු මහ මැතිවරණය සඳහා ජන්ද පත්‍රිකා මුද්‍රණය කිරිමට අවශ්‍ය සැලසුම් සුදානම් කරන මෙන් මැතිවරණ කොමිසන් සභාව රජයේ මුද්‍රණාලය වෙත ඊයේ (28)දින දැනුම් දී ඇති බව වාර්තා වේ.

ශ්‍රේෂ්ඨාධිකරණයේ විභාග වෙමින් පවතින මහ මැතිවරණය පැවැත්වීමට අදාළ පෙත්සම් විභාගයේ තීන්දුව ලද විගස ජන්ද පත්‍රිකා මුද්‍රණය කිරිමට අවශ්‍ය සැලසුම් සකස් කරන ලෙසයි මැතිවරණ කොමිසම රජයේ මුද්‍රණාලය වෙත දැනුම් දී ඇත්තේ.

පවතින කොවිඩ් 19 වසංගතය හමුවේ මෙවර ජන්ද පත්‍රිකාව සමග ජන්ද දායකයින්ට ජන්දය ප්‍රකාශ කිරීමේදී අනුගමනය කළ යුතු ආකාරය සම්බන්ධයෙන් වූ විශේෂ උපදෙස් පත්‍රිකාවක් ද මුද්‍රණය කිරිමට සිදුවෙනු ඇති බවයි රජයේ මුද්‍රණාල ආරංචි මාර්ග සඳහන් කරන්නේ.

Related posts

පොලිස් ස්ථානාධිපතිවරුන් 23කට ස්ථාන මාරුවීම්

colombotoday

ගෑස් මෙට්‍රික් ටොන් 7,500ක් රැගත් තවත් නෞකා දෙකක් ළගදීම දිවයිනට

colombotoday

හොරෙන් ගෙනා සැප වාහන ගැන ඇහෙන කතාව

Admin

බදු අයකරගන්නේ නැතුව බම්බු ගහනවද? – දේශීය ආදායම් දෙපාර්තමේන්තුව ඉදිරිපිට විරෝධතාවක්

Admin

මහජන උපයෝගිතා කොමිසම අහෝසි කිරීමට යයි ?

colombotoday

ඇල්පිටියේ වෙළඳසැලක් ගින්නකින් විනාශයි

Admin