ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලය ඇමතීමට සේනාවක් රැගෙන ඇමරිකාවට ගොස් ඇති බව ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායක මහතා පවසයි.
එමෙන්ම දිනපතා මැති ඇමතිවරුන් විශාල ප්‍රමාණයක් විදේස ගතවන බවත් මේ සියල්ල සදහා වියදම් වන්නේ ඩොලර් බවත් එය මෙරට විදේශ විනිමය අර්බුදය ඇතිවීමට හේතු වන බවත් මන්ත්‍රිවරයා කියා සිටී,
අගමැති රනිල් වික්‍රමසිංහ මහතා වෙනුවෙන් රුපියල් ලක්ෂ 5900ක් වටිනා මෝටර් රථ දෙකක් ගෙන්වා ඇති බව ද හෙතෙම අනාවරණය කර සිටියේ ය.
මන්ත්‍රීවරයා මෙම අදහස් පලකලේ එම පක්ෂ මූලස්ථානයේදී පැවති මාධ්‍ය හමුවක් අමතමිනි.