Colombo Today Local News

ජනපති දූත පිරිසක් සමග තායිලන්ත සදහම් චාරිකාවේ.

MS11012015T_2ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා විශේෂ නිල සංචාරයක් සදහා අද පෙරවරුවේ තායිලන්තය බලා පිටත් විය. ජනාධිපතිවරයා සමග භික්ෂූන් වහන්සේලා ප්‍රමුඛ 60 දෙනෙකුගෙන් සමත්විත විශේෂ දූත පිරිසක් සංචාරයට සහභාගී වී ඇත. ජනපති මාධ්‍ය ඒකකය පැවසූවේ ජනාධිපතිවරයා දින 04ක් තායිලන්තයේ සංචාරය කරනු ඇති බවයි.

ශ්‍රී ලංකාව සහ තායිලන්තය අතර නිළ තානාපති සබදතා අරඹා 60 වසරක් පිරීම නිමිති කරගෙන මෙම සංචාරය සිදුවන අතර ඓතිහාසික මහියංගණ රජමහා විහාරයෙන් වැඩම කරවන සර්වඥ ධාතූන් වහන්සේ ප්‍රදර්ශනයක්ද තායිලන්තයේ බුද්ධ මන්තන් විහාරස්ථානයේ දී පැවැත්වීමට නියමිතය.

ජනාධිපතිවරයා ඇතුළු දූත පිරිස තායිලන්තය බලා පිටත්ව ගියේ එරට අග්‍රාමාත්‍ය ප්‍රයුත් චාන් මහතාගේ විශේෂ ආරාධනාවක් අනුව වන අතර තායිලන්ත රජු සහ ජනාධිපතිවරයා අතර හමුවක් සිදුවීමට නියමිතය.

Related posts

එම්.සී.සී ගිවිසුම සම්බන්ධ විද්වත් කමිටුවේ වාර්තාව ජනපතිට

colombotoday

පොහොට්ටුවේ සහය පක්ෂයේ අපේක්ෂක ඩලස්ට

colombotoday

චම්පික ජනපති පරීක්ෂණ කොමිසමට කැදවයි !!

colombotoday

වසර 12 ක් බන්ධනාගාරයේ සිටි LTTE රැඳවියෙකුට නිදහස

colombotoday

ශ්‍රී ලංකා මුහුදු සීමාව තුළ අනවසර ධීවර කටයුතු කළ ඉන්දීය ධීවරයින් 17ක් අත්අඩංගුවට

Admin

මළා යැයි කී කොටි ප්‍රබලයන් 54ක් රටවල් 4ක දේශපාලන රැකවරණ මැද යහතින් !

colombotoday