Colombo Today Local News

ජනපතිට ශක්තිමත් බහුතරයක් සහිත පාර්ලිමේන්තුවක් අවශ්‍යයි-ජී.එල් පීරිස්

ගෝඨාභය රාජපක්ෂ මහතා ගෙනයන වැඩපිළිවෙළ ශක්තිමත් කිරීම සඳහා බහුතරයක් සහිත ශක්තිමත් පාර්ලිමේන්තුවක් අවශ්‍ය බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ සභාපති මහාචාර්ය ජී.එල් පීරිස් මහතා පවසයි.

ගල්කිස්ස ධර්මපාලාරාම විහාරස්ථානයේදී මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඔහු මේ බව සඳහන් කළේය.

ජනා‍ධිපතිවරයා ආරම්භ කර ඇති වැඩපිළිවෙල සාධනීය තත්ත්වයට පත්ව තිබුණ ද ඇතැම් කරුණු ක්‍රියාත්මක කිරීම සඳහා අවශ්‍ය වන නීති ප්‍රමාණවත් නැති බවයි ඒ මහතා වැඩිදුරටත් කියා සිටින්නේ.

එසේම රටේ ආරක්ෂාව සුරක්ෂිත කිරීම සඳහා වු ආරක්ෂක පද්ධතිය කාර්යක්ෂම කිරීම සඳහා ශක්තිමත් බහුතරයක් සහිත පාර්ලිමේන්තුවක් ලබා දීමට කටයුතු කළ යුතු බව ද ඒ මහතා පවසයි.

Related posts

දුම්රිය මැදිරි දේශීයව නිෂ්පාදනයට කැබිනට් අනුමැතිය

colombotoday

“රාජාංගණය ජල ව්‍යාපෘතිය පටන් ගත්තේ අපේ ආණ්ඩු කාලේ” – හිටපු ඇමති එස්.එම්. චන්ද්‍රසේන

colombotoday

විනෝද චාරිකාවක් යන්න ගිය තරුණයෝ දෙකක් දුම්රියේ ගැටී අවසන් ගමන් යයි

Admin

Facebook තහනම ඉවත් කරන්න – ජනපති විදුලි සංදේශ නියාමන කොමිසමට දැනුම්දෙයි

colombotoday

ඇමති ජොන්ස්ටන් අල්ලස් කොමිසමේ නඩු තුනකින් නිදොස් කොට නිදහස්

colombotoday

සී.අයි.ඩි. හිටපු ලොක්කාගෙන් මූලික අයිතිවාසිකම් පෙත්සමක්

colombotoday