Colombo Today Local News

ජනපතිගේ මානසික වෛද්‍ය වාර්තාවක් ඉල්ලා පෙත්සමක් ගොනු කරයි ‌

ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා අධිකරණයට ඉදිරිපත් කොට ඔහුගේ මානසික වෛද්‍ය වාර්තාවක් ලබා ගන්නා ලෙස නියෝග කරමින් රීට් ආඥාවක් නිකුත් කරන ලෙස ඉල්ලමින් අභියාචනාධිකරණයට පෙත්සමක් ගොනු කර තිබේ.

ලක්මාලි ජයවර්ධන නම් කාන්තාවක විසින් අභියාචනාධිකරණයට පෙත්සමක් ගොනු කරමින් සඳහන් කරන්නේ මෑත අතීතයේදී ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා ගත් ඇතැම් කටයුතු හේතුවෙන් ඔහු මානසික රෝගී තත්ත්වයකට පත්ව ඇති බවට ජනතාව අතර මතයක් පවතින බවයි.

මානසික රෝගී ආඥා පනත අනතු යමෙකු මානසික රෝගී තත්ත්වයකින් පෙළෙන්නේ නම් ප්‍රදේශයේ ස්ථානාධිපතිවරයාට අදාළ පුද්ගලයා දිසා අධිකරණයක් වෙත් යොමුකර ලබාගන්නා නියෝගයක් මත මානසික වෛද්‍ය වාර්තාවක් කැඳවිමට හැකියාවක් ඇති බව ඇය සිය පෙත්සම ඉදිරිපත් කරමින් පවසයි.

Related posts

බලධාරීන් වහා ඉවත් වී විරෝධතා දැක්වීමේ අයිතිය ආරක්ෂා කළ යුතුයි – අරගලකරුවන් ඉවත් කිරීම ගැන ජාත්‍යන්තරයෙන් විරෝධයක්

colombotoday

සේවයෙන් පැන ගිය ත්‍රිවිධ හමුදා සෙබළුන්ට විශේෂ දැනුම්දීමක්

Admin

විදෙස් ජාතික නැවියන් දෙදෙනෙක් ජාත්‍යන්තර මුහුදු තීරයේ දී මියයයි

Admin

විශ්වවිද්‍යාල වල නව පාඨමාලා 10කට ආචාර්යවරුන්ගේ බරපතළ හිඟයක්

colombotoday

දුෂිත විදුලි නියාමන කොමිෂන් සභාව ගැන සොයා බලන්න – පාරිභෝගිකයන් සුරැකීමේ ව්‍යාපාරය

colombotoday

ආපු ගමන් බෑ-සමන්ත විද්‍යාරත්න

Admin