හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා අද (30දා) උදෑසන චීනය බලා පිටත්ව ගොස් තිබේ.
මීට කලකට පෙර චීන රජයේ ආරාධනාවකට අනුව එරට ප්‍රකට උසස් අධ්‍යාපන ආයතනයක් වන යුනාන් විශ්වවිද්‍යාලයේ රාජ්‍ය පාලනය හා ආර්ථික කළමනාකරණය පිළිබඳ පාඨමාලාවකට සහභාගි වීම සඳහා හිටපු ආරක්ෂක ලේකම්වරයා මෙසේ චීනය බලා පිටත්ව ඇත.
ගෝඨාභය රාජපක්ෂ මහතා මසක පමණ කාලයක් චීනයේ යුනාන් සරසවියේ අධ්‍යයන කටයුතුවල නිරත වීමට නියමිතය.