Colombo Today Local News

චන්ද්‍රිකා සමග එක්වී ශ්‍රීලනිප 18ක් එජාපයට…

මේ මොහොතේ මුලින්ම පැවැත්විය යුත්තේ ජනාධිපතිවරණයක් බව එක්සත් ජනතා නිදහස් සන්ධාන පාර්ලිමේන්තු මන්ත්‍රී කුමාර වෙල්ගම මහතා අවධාරණය කරයි.

ජනාධිපතිවරණ අපේක්ෂකයා සුදුසු වේලාවට කරළියට පැමිණෙනු ඇති බව සඳහන් කළ ඒ මහතා ඔහු අලුත් මුහුණක් වනු ඇති බවට ඉඟියක් ද ලබා දුන්නේය.

ශ්‍රීලනිප කණ්ඩායමක් චන්ද්‍රිකා බණ්ඩාරනායක මහත්මිය සමඟ එක්ව එක්සත් ජාතික පෙරමුණු ආණ්ඩුවට එක්වීමේ සූදානමක් පිළිබඳ පළවන පුවත් සම්බන්ධයෙන් අදහස් දක්වමින් ඒ මහතා පැවසුවේ එවැන්නක් සිදුවිය හැකි බවයි.

“එහෙම එකක් වෙන්න පුළුවන්. මාත් එහෙම එකක් මාධ්‍යයෙන් දැක්කා. එහෙම වෙන්න ඉඩ තියෙනවා. මොකද සමහර ශ්‍රී ලංකා එකේ අය එහාට පැන්නා, මෙහාට පැන්නා, එහාට පැන්නා, මෙහාට පැන්නා. ඉතිං ඒ පැනලා පුරුදු එකා යනවාම තමයි” යනුවෙන් වෙල්ගම මහතා ප්‍රකාශ කළේය.

Related posts

මහනුවර නගරසීමාවේ පාසල් 45ක් වසයි

colombotoday

කෙරවළපිටිය බලාගාරය හොර රහසේ ඇමෙරිකාවට විකුණලා – අනුර කුමාර

colombotoday

යතුරුපැදි හිස්වැසුම් භාවිතයට මූලික කරුණු 10ක්.. ගැසට් නිවේදනය මෙන්න

colombotoday

තවත් වොක්ස්වැගන් පන්නයේ බොරුවක් මාට්ටුයි… ඕමාන් රජයෙන් නිවේදනයක්…

colombotoday

ජනක වක්කුඹුර පරිසර රාජ්‍ය අමාත්‍ය ධූරයට

Admin

අද පස්වරුවේ දේශපාලන පෙරළියක් !

colombotoday