Colombo Today Local News

ගෝඨාබය ජනාධිපති අපේක්ෂකයා ලෙස 11 වනදා නම් කළහොත්, ශ්‍රිනිපයෙන් මෛත්‍රී ජනපති සටනට ඒම ස්ථිරයි

ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ ජනාධිපති අපේක්ෂකයා ලෙස හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාබය රාජපක්ෂ මහතා එළෙඹෙන 11 වනදා නම් කළහොත්, ස්ථිර වශයෙන්ම තමා ශ්‍රී ලංකා නිදහස් පක්ෂය නියෝජනය කරමින් ජනාධිපතිවරණයට ඉදිරිපත් වෙන බව ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන පක්ෂ ජේෂ්ඨයන්ට පවසා තිබෙනවා.

ජනාධිපති අපේක්ෂයකයා ලෙස මෛත්‍රිපාල සිරිසේන මහතාත් අගමැති අපේක්ෂකයා ලෙස මහින්ද රාජපක්ෂ මහතාත් නම්කර පොදු ජන පෙරමුණ සහ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය එකතුව නව සන්ධානයකින් එළෙඹෙන ජනාධිපතිවරණයට ඉදිරිපත් වීමට ශ්‍රිනිප පාර්ශවයෙන් මීට ඉහතදී යෝජනා වූ අතර ඒ සඳහා පොහොට්ටුව නියෝජනය කරන මන්ත්‍රීවරු අති බහුතරය විරුද්ධ වී ඇත.

එවැනි වාතාවරණයක් තුල තමාව නොසලකා කටයුතු කරන්නේනම් වෙනම මැතිවරණයට ඉදිරිපත් වෙන බව සිරිසේන මහතා පැවසු බව ශ්‍රිනිප ජේෂ්ඨ මන්ත්‍රීවරයෙකු අප සමග පැවසීය.

Related posts

අවසර දෙනවා නම් ආවා කල්ලිය දින දෙකෙන් මැඩපවත්වනවා – ශ්‍රී ලංකා යුද හමුදාව

colombotoday

අදත් පළාත් රැසකට තද වැසි

colombotoday

මාකඳුරේ මදූෂ් දිවයිනට… CID අත්අඩංගුවට ගනී…

colombotoday

තාත්තා කරපු හැම දෙයක්ම හරි නැහැ – විපක්ෂ නායක සජිත් කියයි

Admin

බස් දෙකක් ගැටී සිසුන් 21ක් රෝහලේ…

Admin

ලාෆ් ගැස් මිල ඉහළ දැමීමට පාරිභෝගික කටයුතු අධිකාරියෙන් අවසර

colombotoday