ගෝඨාභය රාජපක්ෂ මහතාට සහය දැක්වීමට ශ්‍රී ලංකා නිදහස් පක්ෂය තීරණයක් කර තිබෙන බවට යම් යම් පිරිස් සිදුකරන ප්‍රකාශ අසත්‍යයක් බව එක්සත් ජනතා නිදහස් සන්ධානය සඳහන් කරයි.
එවැනි තීරණයක් තවම ගෙන නොමැති බවත් එහෙත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් ජනාධිපති අපේක්ෂකයෙකු ඉදිරිපත් කළ යුතු බවට ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මධ්‍යම කාරක සභාවට යෝජනාවක් ඉදිරිපත් වී තිබෙන බවද එම සන්ධානයේ මහලේකම් මහින්ද අමරවීර මහතා සඳහන් කළේය.
ඉදිරියේදී ශ්‍රී ලංකා නිදහස් පක්ෂය හා ගෝඨාභය රාජපක්ෂ මහතා අතර සාකච්ඡා පැවැත්වෙන බවත් සිදුකරන සාකච්ඡා මත ගෝඨාභය රාජපක්ෂ මහතාට සහාය දෙනවාද නැද්ද යන්න තීරණය කරන බවද අද (15 දා) පැවැති මාධ්‍ය සාකච්ඡාවකදී සඳහන් කළේය.