Colombo Today Local News

ගෝඨාට එරෙහි ඇමරිකාවේ නඩු බල රහිත වේ

හිටපු ආරක්‍ෂක ලේකම් ගෝඨාභය රාජපක්‍ෂ මහතා සිය ඇමරිකානු පුරවැසිභාවය අහෝසි කර ගැනීම නිසා ඒ මහතාට එරෙහිව කැලිපෝර්නියා අධිකරණය හමුවේ පවරා තිබූ නඩු දහය බල රහිත වී ඇත.
රාජපක්‍ෂ මහතා ඇමරිකානු පුරවැසියකු යන පදනම යටතේ මෙම නඩු පවරා තිබුණේ ඇමරිකාවේ පදිංචි අහිම්සා වික‍්‍රමතුංග සහ යුරෝපයේ පදිංචි ව්‍යාජ නම්වලින් හඳුන්වනු ලැබූ කොටි කි‍්‍රයාකාරීන් පිරිසක්වූ රෝසි සමාදානම් – රමේශ් දේවරාජන්, ශාන්ති පද්මනාදන් නිමල් ජයසූරිය විiා ජයකුමාර් සමන් පෙරේරා, මයුරන් රාජකුමාර්, සෙන්දිල් යුවනේශ්වරන් සහ වසන්ති රත්නසිංහම් යන පිරිසයි.
එහෙත් ඇමරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුව – සී. අයි. ඒ සංවිධානය එස්. බී. අයි. පොලිසිය ඇමරිකානු අධිකරණ දෙපාර්තමේන්තුව ඇමරිකානු ස්වදේශාරක්‍ෂක දෙපාර්තමේන්තුව යන ආයතන විසින් ගෝඨාභය රාජපක්‍ෂ මහතා එරටට අවශ්‍ය කරන අයෙක් නොවන බවට සනාථ කර තිබේ.
 
මේ නිසා ඔහුගේ ඇමරිකානු පුරවැසිබව අහෝසි වීමට බාධක දුරු වී ඇතැයි ඇමරිකානු ආරංචි මාර්ග කියා සිටියි.
 
පෝල් හොප්ටන් – ස්කොඞ් ශල්මෝර් යන මයිකල් හවුස්්පෙල්ට් යන නීතිවේදීන් විසින් මෙම නඩු ගොනු කර තිබුණි.
 
හිටපු ආරක්‍ෂක ලේකම්ට එරෙහිව මෙම නඩු ගොනුකර තිබූ පිරිස එම නඩු පවරනු ලැබුවේ දසවසරකට පසුවයි.

Related posts

ඉන්දු – පාකිස්ථාන විරසකය කලාපීය දේශපාලන ස්ථාවරයට ප්‍රබල බලපෑමක් – දයාන් ජයතිලක

colombotoday

බන්ධනාගාරයට ගිය මහින්ද, කාර් එක ඇතුළේ ඉදන් කරන්න ගිය කතාව එකපාරට එළියට ඇවිත් කියයි (Video)

colombotoday

මහ මෝල්ලු වී හංගයි

Admin

දෛනික කොරෝනා රෝගීන් අඛණ්ඩව ඉහළ ගිය හොත් විකල්ප සූදානම් – නි. සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්

colombotoday

අයි.එම්.එෆ් ණය මේ වසරේදී ලැබෙන්නෙ නැහැ

Admin

බුද්ධි අංශ නිලදාරින්හට සෙත් පතා පවත්වන බෝධි පුජාව ලන්ඩනයේදී

colombotoday