Covid 19

ගෙවුණු දිනයේ ආසාදිතයින් 502 න් 262ක් කොළඹින්

ඊයේ (25)දිනයේ හඳුනාගත් කොරෝනා ආසාදිතයින් 502 දෙනා අතරින් 262 දෙදෙනකුම කොළඹ දිස්ත්‍රික්කයෙන් හඳුනාගෙන ඇතැයි, කොවිඩ්-19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය පවසයි.

එම මධ්‍යස්ථානය උපුටා දක්වමින් රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව නිකුත් කළ නිවේදනයක දැක්වෙන්නේ, ඉදිරි ආසාදිතයින් අතරින් ගම්පහ දිස්ත්‍රික්කයෙන් ආසාදිතයින් 90 ක් ද කලුතර දිස්ත්‍රික්කයෙන් තවත් ආසාදිතයින් 46 ක් ද වාර්තා වී ඇති බවයි.

මෙම ආසාදිතයින් සියලු දෙනා දේශීයව හඳුනා ගත් ආසාදිතයින් ය.

මේ වනවිට මෙරටින් වාර්තා වූ සමස්ත කොවිඩ් ආසදිතයින් සංඛ්‍යාව 21469ක් වන අතර තවදුරටත් රෝහල්ගතව ප්‍රතිකාර ලබන්නේ, ආසාදිතයින් 5926ක් පමණි.

ආසාදිතයින් අතරින් 15447 දෙනෙකු පූර්ණ සුවය ලබා රෝහල්වලින් පිටත්ව ගොස් ඇති අතර වාර්තා වී ඇති මරණ සංඛ්‍යාව 96කි.

පසුගිය පැය 24 තුළ සම්පූර්ණ සුවය ලැබූ ආසාදිතයින් 485 දෙනෙකු පූර්ණ සුවය ලබා පිටත්ව ගොස් ඇත.

ඊයේ දිනය තුළ කොරෝනා ආසාදිතයින් දෙදෙනකු මියගොස් ඇති අතර එම මරණ දෙක වාර්තා වී ඇත්තේ කොළඹ 12 සහ පන්නිපිටිය ප්‍රදේශවලිනි.

කොළඹ – 12 ප්‍රදේශයේ පදිංචි, 45 හැවිරිදි කාන්තාවක කොළඹ ජාතික රෝහලේදී පසුගිය 23 වැනි දා මිය ගොස් ඇති අතර මරණයට හේතුව ලෙස දැක්වෙන්නේ, කොවිඩ් ආසාදනය සමග ඇති වූ අධිරුධිර පීඩනයයි.

පන්නිපිටිය ප්‍රදේශයේ පදිංචි පුද්ගලයා 80 හැවිරිදි පිරිමි පුද්ගලයෙකු වන අතර ඔහු මිය ගොස් ඇත්තේ , පිඹුර මූලික රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදී ය.

ජයවර්ධනපුර රෝහලේ සිටි ඔහු කොවිඩ් ආසාදිතයෙකු ලෙස හඳුනා ගැනීමෙන් පසු පිඹුර මූලික රෝහලට ඇතුළත් කර ඇති අතර මරණයට හේතුව ලෙස දැක්වෙන්නේ, කොවිඩ් ආසාදනය සමග උග්‍ර වූ අක්මා රෝගී තත්ත්වයකි.

අද උදෑසන වනවිට විදෙස්ගත ශ්‍රී ලංකිකයින් 85 දෙනෙකු මෙරටට පැමිණ ඇති අතර ඔවුන් සියලු දෙනා ත්‍රිවිද හමුදාව විසින් පාලනය කරනු ලබන නිරෝධායන මධ්‍යස්ථාන වෙත යොමු කර තිබේ.

මේ වනවිට නිරෝධායන මධ්‍යස්ථාන 47 ක් තුළ පුද්ගලයින් 4,894 දෙනෙකු නිරෝධායනය වෙමින් සිටින අතර ඊයේ (25) දිනය තුළ PCR පරීක්‍ෂණ 10,400 ක් සිදුකර තිබේ.

Related posts

පූර්ණ එන්නත්කරණයට ලක්වූවන්ට යෝජිත ඩිජිටල් කාඩ්පත සකස් කර අවසන්

colombotoday

කොරෝනා අසාදිතයින්ගේ ගණන 132 දක්වා ඉහළට

colombotoday

ඊයේ හදුනා ගත් කොවිඩ් ආසාදිතයින්ගේ තොරතුරු – ගැබිණි කාන්තාවකුත් ඒ අතර

colombotoday

රාජ්‍ය අමාත්‍ය අරුන්දික ප්‍රනාන්දුටත් කොවිඩ් පොසිටිව්

colombotoday

ශ්‍රී ලංකාවේ කොරෝනා ආසාදිත සංඛ්‍යාව 109 දක්වා ඉහළට

colombotoday

තවත් කොවිඩ් මරණ 92ක් – අවුරුදු 30ට අඩු දෙදෙනෙකුත් ඒ අතර

colombotoday