Colombo Today Local News

ගුවන් යානයේ සිටි එක්‌ අයෙක්‌ අත දාලා එහාට යන්න කියා කීවා. ගුවන් අනතුර ඇසින් දුටුවෙක් කියයි

මේ සිද්ධිය ඇසින් දුටු හසන් රිස්‌මියා මෙසේ කීවේය. මට ළමයි හතර දෙනෙක්‌ ඉන්නවා. ඒ අයත් එක්‌ක මිදුලේ අව්ව තපිමින් සිටියා. කවදාවත් නැතිව ගුවන් යානයක්‌ ගොඩක්‌ පාතින් එනවා දැක්‌කා. මම ළමයින්ට පෙන්වන්න කතා කළා. ඒ එක්‌කම ගුවන් යානය අපේ ගේ ඉස්‌සරහ තියෙන ගහක ගෑවුණා. එතකොට ගුවන් යානය ඇතුලේ ඉන්න අය අපිට පෙනුණා. එයින් එක්‌ අයෙක්‌ අත දාලා එහාට යන්න කියනවා තේරුණා. ඒ එක්‌කම ගුවන් යානය අනෙක්‌ පැත්තට හැරුණා. ඉන් පසු අපේ ගෙදරට ඉස්‌සරහා ගෙදර ගහක වැදිල ලොකු සද්දයක්‌ ආව. ඒ එක්‌කම කළු දුමක්‌ එක්‌ක ගින්දර පිටවුණා. මම ළමයි ටික අරන් ගෙට දිව්වා. අහල පහල කට්‌ටිය ඇවිත් වතුර දාලා නිවන්න උත්සාහ කළා. හරිගියේ නෑ.

මේ පිළිබඳව එම්. මුනම්වරා (38) මහත්මිය මෙසේ කීවාය:

ඊයේ උදේ 9.15 ට විතර අපි ගෙදර ඉන්නකොට ගුවන් යානය ගෙට පහත් කරගෙන වගේ ආවා.

මමත් පුතත්, නංගිත් ගෙදර බිම දිගාවුණා. අපි හිතුවා අපේ ගෙට ගුවන් යානය කඩාගෙන වැටෙයි කියලා. අපි දෙයියෝ සිහිකර ගත්තා. ඒ එක්‌කම වගේ මහා හඬකින් ගුවන් යානය කඩාගෙන වැටුණා.

අපේ ගෙදර වතුර ටැංකියේ වතුර බාල්දි, වෙනත් භාජනවලින් පුරවගෙන අහල පහල අයත් අපිත් ගුවන් යානයේ ගින්න නිවන්න පටන් ගත්තා. ඒ සමගම පොලිසිය, හමුදාව සහ විශාල පිරිසක්‌ මෙහේ ආවා.

ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ දියතලාව කඳවුරේ නිලධාරීන් සමග හපුතලේ – දියතලාව – බණ්‌ඩාරවෙල- හල්දුම්මුල්ල ආදී පොලිස්‌ ස්‌ථානවල නිලධාරීහු පරීක්‍ෂණ කටයුතු මෙහෙයවමින් සිටිති.

Related posts

යාපනය පුරා යතුරුපැදි කල්ලි.. පොලීසිය කලබල වී වෙඩි තැබුවේ ඒ නිසයි – ඇමති සාගල

colombotoday

උද්ඝෝෂකයන් වෙනුවෙන් වෙනම ස්ථානයක්

colombotoday

විදෙස්ගතව සිටි තවත් ශ්‍රී ලාංකිකයින් පිරිසක් දිවයිනට

colombotoday

බැඳුම්කර ගැසට්‌ පත්‍රයට මහින්දගේ නම යෙදූ නිලධාරීහු දත්ත විනාශ කිරීමේ වෑයමක

colombotoday

රනිල් පන්නා අගමැති වෙන්න එස් බී බරටම වැඩ – ඒකාබද්ධ විපක්ෂයේ සහයත් ඉල්ලයි

colombotoday

මම ගෙදර යන්නෙ නෑ. ගහලා ඉවර කරනවා – ජනපති සිරිසේන කියයි

colombotoday