Colombo Today Local News

ගුවන් තොටුපොළ විවෘත කිරිම යළි කල් යයි

කොරෝනා ව්‍යාප්තියත් සමග වසා දැමුණු කටුනායක බණ්ඩාරණායක ජාත්‍යන්තර ගුවන් තොටුපොල යළි විවෘත කිරීම දින නියමයක් නොමැතිව කල් දමා ඇත.

මීට පෙර තීරණය කර තිබුණේ ඉකුත් අගෝස්තු මස පළමු වැනිදා සිට ගුවන් තොටුපොල විවෘත කිරීමටයි. විදේශ සබඳතා පිළිබද ජනාධිපති අතිරේක ලේකම් අද්මිරාල් ජයනාත් කොළඹගේ සඳහන් කළේ ශ්‍රී ලංකාවේ තත්ත්වය පමණක් නොව සෙසු රටවල කොරෝනා තත්ත්වයද ගුවන් තොටුපොල විවෘත කිරීමේදී ප්‍රධාන සාධකයක් බවයි.

කෙසේවෙතත් මේ වනවිටත් ගුවන් තොටුපොල විවෘත කිරීමට අවශ්‍ය මූලික කටයුතු සිදුකරමින් ඇති බවයි ජනාධිපති අතිරේක ලේකම් අද්මිරාල් ජයනාත් කොළඹගේ වැඩිදුරටත් ප්‍රකාශ කර සිටියි.

Related posts

“හමුදාව යොදා හෝ මුස්ලිම් ප්‍රජාවට එරෙහිව කෙරෙන හිංසන නවත්වන්න“ – ජනපතිගෙන් නියෝගයක් !

colombotoday

අවශ්‍ය වරප්‍රසාද පමණක් ගන්නවා මාලිමා නවක මංත්‍රිනී

Admin

මහියංගනයේදී නිරෝධායනය ප‍්‍රතික්ෂේප කළ අයකුට අධිකරණ ක්‍රියාමාර්ග

colombotoday

පොර්ට් සිටි පනතට එරෙහිව “සිරසෙන් වොයිස් කට්” මෙහෙයුමක්. | සිවිල් සංවිධාන ක්‍රියාකරුවන්ට ඇමතුම්.

colombotoday

දිවයිනට පැමිණි IMF කණ්ඩායමක් ජනපති හමුවෙයි

Admin

රැඳවියන් ට බූස්ටර් එන්නත ලබා දීම අරඔයි

colombotoday