Covid 19

ගුවන්විදුලි සංස්ථාවේ 4 දෙනකුටත් කොරෝනා

ශ්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථාවේ රියැදුරන් සිව් දෙනකුට කොවිඩ් වයිරසය ආසාදනය වී ති​බේ.

මේ හේතුවෙන් එම සංස්ථාවේ සේවයේ නියුතු 37 දෙනකුට සිය නිවසේ සිට ස්වයං නිිරෝධායනයට ලක්වෙන ලෙස උපදෙස් ලබා දුන් බව කුරුඳුවත්ත මහජන සෞඛ්‍ය පරීක්ෂකවරයා පැවැසීය.

මෙලෙස ආසාදනය වූ රියැදුරන් අතර ගුවන්විදුලි සංස්ථාවේ අධ්‍යක්ෂ ජනරාල්වරයාගේ රියැදුරුද සිටින බවත් වාර්තා වෙයි. ඒ හේතුවෙන් ගුවන්විදුලි සංස්ථාවේ අධ්‍යක්ෂ ජනරාල් චන්ද්‍රපාල ලියනගේද ස්වයං නිරෝධායනයට ලක්කර තිබේ.

කොවිඩ් ආසාදනය වූ රියැදුරන් සිව් දෙනා කොළඹ අයි.ඩී.එච්. රෝහලට ඇතුළත් කළ බව කුරුඳුවත්ත මහජන සෞඛ්‍ය පරීක්ෂකවරයා වැඩිදුරටත් පැවැසීය.

මේ වනවිට ශ්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථාවේ කටයුතු සාමාන්‍ය පරිදි සිදුවන බවද චන්ද්‍රපාල ලියනගේ සඳහන් කළේය.

Related posts

තවත් කොවිඩ් ආසාදිතයින් 1989ක් හදුනා ගනී

colombotoday

මෙරටින් නව කොවිඩ් ප්‍රබේදයක් ?

colombotoday

ඩෙල්ටා වසංගතයක් ලෙස මෙරට පැතිර යාමේ අවදානමක්.. | ආසාදිතයන් අඩුවක් ඇති බව බලධාරීන් ව්‍යාජ තොරතුරු පවසනවා.

colombotoday

කොරෝනා ආසාදිතයන් 4ක් අනුරාධපුරයෙන්. මුළු සංඛ්‍යාව 76 දක්වා ඉහළ⁣ට

colombotoday

පස්සර ප්‍රධාන පාසලක සිසුන් 10කට කොරෝනා

colombotoday

එකවර කොරෝනා රෝගීන් 14 ක් හමුවෙයි. රෝගීන් සංඛ්‍යාව 233 දක්වා ඉහලට

colombotoday