Colombo Today Local News

ගුවන්තොටුපොළ සේවකයන්ගේ බෝනස් එකටත් තට්ටු වෙන හැඩ. ගෙවන්න ආණ්ඩුවේ සල්ලි නැතිලු

nimal siripalaමෙවර ගුවන් තොටුපල හා ගුවන් සේවා සමාගමේ සේවකයන්ට වසර අවසාන ප්‍රසාද දීමනා හිමි නොවීමේ තත්ත්වයක් ඇතිව ඇතැයි වාර්තා වේ.

මේ ප්‍රසාද දීමනාව ලබාදීමට මුදල් ඉල්ලා ප්‍රවාහන අමාත්‍ය නිමල් සිරිපාලද සිල්වා මහතා කැබිනට් පත්‍රිකාවක් ඉදිරිපත් කර ඇතත් ආණ්ඩුවේ පවතින මුදල් අර්බුද හේතුවෙන් එයට යහපත් ප්‍රතිචාර ලැබී නැතැයිද පැවසේ.

මෙරට ගුවන් තොටුපලවල ආරක්ෂක, මගී ප්‍රවාහන සහය, ගුවන්යානා පාලන මධ්‍යස්ථාන ආදී විශේෂ රාජකාරී රැසක් කරන ගුවන් තොටුපල සේවා සමාගමේ සේවකයන් 6,000කට ආසන්න පිරිසක් සේවය කරන බවද පැවසේ.

ඉන් 1,100ක් ආරක්ෂක භටයෝ බවද පැවසේ.

කෙසේවුවද රාජපක්ෂ ආණ්ඩු සමයේදී ගුවන් තොටුපල හා ගුවන් සේවා සමාගමේ සේවකයන්ට වසර අවසාන ප්‍රසාද දීමනා ලෙස රුපියල් 10,000 ක මුදලක් ලබාදී තිබේ.

මෙවර අදාල ප්‍රසාද දීමනාව ලබා නොදුන්න හොත් එය එම සේවකයන්ට ලබානොදෙන පළමු අවස්ථාව ලෙස ඉතිහාසගතවන බවද එහි සේවකයෙක් පැවසීය..

-srilankamirror

Related posts

බැසිල් රාජපක්ෂ වෛද්‍ය ප්‍රතිකාර වලට අමෙරිකා යයි

colombotoday

ආණ්ඩු පක්ෂයේ අසුන් ගන්නා බව අතාවුල්ලා කියයි

colombotoday

දෙදින නිල සංචාරය අවසන් කරමින් චීන ආරක්ෂක ඇමති දිවයිනෙන් පිටව යයි

colombotoday

ලංකාව අපට අතිශයින් වැදගත් උපායමාර්ගික කෙන්ද්‍රස්ථානයක් – ඇමරිකානු නාවික අද්මිරාල්

colombotoday

‍රට වටේ ඇති ජනාධිපති මන්දිර මහජන සේවයට

Admin

රුවන්පුර අධිවේගි මාර්ගයේ වැඩ අගමැති සුරතින් ඇරඹෙයි

colombotoday