Colombo Today Local News

මං ඇවන්ගාඩ් එකෙන් ආධාරයක් නම් ඉල්ලුවා… අල්ලස් ඉල්ලුවේ නෑ – ෆොන්සේකා

avg fonseka

පක්ෂ කාර්යාලයක් ගොඩනැගීම සදහා තමන් ඇවන්ගාඩ් අධිපති නිශ්ශංක සේනාධිපති මහතාගෙන් ආධාරයක් ඉල්ලා සිටි නමුත් ඔහුගෙන් අල්ලසක් නොඉල්ලූ බව ‍ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා මහතා පවසයි.

ෆොන්සේකා මහතා මේ බව පැවසුවේ ඊයේ 10 දා කොළඹ පැවති මාධ්‍ය හමුවක් අමතමින්.

කෙසේ වෙතත් තම කාර්යාලයේ සේවය කළ කපිල රත්නායක නමැති අය ප්‍රාඩෝ රියක් භාවිතා කළ බවත් එය සේනාධිපති මහතාගෙන් ලබාගත් එකක්දැයි තමන් නොදන්නා බවත්, ඔහු දූෂිතයෙකු නිසා පක්ෂයෙන් ඉවත්කළ බවත් ඔහු කියා සිටියේය.

ඇවන්ගාඩ් අධිපති අල්ලස් ලබා දෙන්නේ විශාල ප්‍රමාණ වලින් බවත් ඔහු හා සම්බන්ධතා පැවැත්වූ බවට විජේදාස රාජපක්ෂ මතාට තමන් කළ අභියෝගයට මෙතෙක් පිළිතුරු ලැබී නොමැති බවයි ෆොන්සේකා මහතා වැඩි දුරටත් පැවසූවේ. අමාත්‍ය විජේදාස රාජපක්ෂ මහතා 2006 දී නිශ්ශංක සේනාධිපති මහතා සමග ගිය බව කියන සංචාරයක ඡායාරූප කිහිපයක්ද ඔහු මෙහිදී මාධ්‍යට ඉදිරිපත් කළා.

ඇවන්ගාඩ් ආයතනයෙන් මුදල් ගත් බවට එල්ලවන චෝදනාවට එරෙහිව අල්ලස් කොමිසමට පැමිණිලී කිරීමට පෙරේදා 09 දා පැමිණි අවස්ථාවේදී ෆොන්සේකා මහතා මාධ්‍ය හමුවේ පවසා තිබුණේ ඇවන්ගාඩ් ආයතනයෙන් යාන වාහන හෝ මුදල් හිගා කෑමට තමන්ට අවශ්‍යතාවයක් නොතිබූ බවයි.

Related posts

රටත් ජනතාවත් ආරක්ෂා කළේ භික්ෂූන් වහන්සේලායි. උන් වහන්සේලා වැළැක්වීමට කිසිවෙකුට අයිතියක් නෑ

colombotoday

19 වන ව්‍යවස්ථා සංශෝධනය අහෝසි කළ යුතුයි- සුමන්තිරන්

colombotoday

ශ්‍රීලනිප යෙන් කෑල්ලක් කඩා සජිත් දිනවන්න චන්ද්‍රිකා එංගලන්තයේ සිටි අද එයි !

colombotoday

ජාත්‍යන්තර මත්කුඩු ජාවාරම්කරුවකුගේ ගෝලයෝ දෙකක් රත්මලානේදී අත්අඩංගුවට

colombotoday

සංචාරය කරන්න සුදුසුම රටවල් 23 අතරට ශ්‍රී ලංකාවත්

Admin

“අවි ආයුධ හමුවීම සාමාන්‍ය දෙයක්.. ජාතික ආරක්ෂාවට තර්ජණයක් නෑ” ආරක්ෂක ලේකම්

colombotoday