Colombo Today Local News

ගාල්ලේ කුණු ප්‍රශ්නයට ජපානයෙන් විසදුමක්…

ගාල්ල කැළි කසළ ප්‍රශ්නයට ස්ථිර විසඳුමක් ලබාදීමේ අරමුණින් අභ්‍යන්තර හා ස්වදේශ කටයුතු සහ පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශය මගින් ක්‍රියාත්මක කරනු ලබන කාබනික පොහොර නිපදවීමේ ව්‍යාපෘතියක් ගාල්ල වැකුණුගොඩ ක්‍රියාත්මක කිරීමට සැළසුම් කර ඇත.

ජපානයෙන් ආධාරයක් ලෙස ලැබෙන කවෂිමා නමැති කොම්පෝස්ට් නිෂ්පාදන යන්ත්‍රයක් මගින් ගාල්ලේ කැළි කසළ කාබනික පොහොර බවට පත්කිරීමට නියමිතය. එම යන්ත්‍රයේ වටිනාකම රුපියල් ලක්ෂ 2000ක් වන අතර යන්ත්‍රය මෙරටට ලැබෙන්නේ ආධාරයක් ලෙසිනි.

මෙම ව්‍යාපෘතිය සම්බන්ධයෙන් අදහස් දැක්වූ අභ්‍යන්තර හා ස්වදේශ කටයුතු සහ පළාත් සභා හා පළාත් පාලන අමාත්‍ය වජිර අබේවර්ධන මහතා කියා සිටියේ එම යන්ත්‍රය මගින් දිනකට කසළ ටොන් 50ක් කාබනික පොහොර බවට පත්කළ හැකි බවයි.

අමාත්‍යවරයා ඒ පිළිබඳ වැඩිදුරටත් මෙසේ ද කීවේය.

”ගාල්ල නගරයට කසළ විශාල ප්‍රශ්නයක් වෙලා තිබෙනවා. දිනකට ටොන් 30ක් පමණ කසළ එකතු වෙනවා. ඒ කුණු ගෙනවිත් දැම්මේ වැකුණුගොඩ කුණු කන්දට. දැන් එතැන අවුරුදු ගණනක් කුණු ගොඩගැසී තිබෙනවා. මේ ගැටලුවට විසඳුමක් ලෙස ජපානයෙන් ආධාරයක් ලෙස කවෂිමා නමැති කොම්පෝස්ට් නිෂ්පාදන යන්ත්‍රයක් සවිකරනවා. ගාල්ල නගර සීමාවේ එකතුවන කුණුවලට අමතරව ආසන්න පළාත්පාලන ආයතනවල කුණු පවා කොම්පෝස්ට් බවට පත්කරන්න හැකියාව මේ යන්ත්‍රයට තිබෙනවා. දිරායන සියලු දේ කෝම්පෝස්ට් බවට පත්කරලා දිරානොයන ද්‍රව්‍ය ප්‍රතිචක්‍රීකරණයට යොමු කරනවා. මේ අතර දැනට ගොඩගැසී තිබෙන කුණු කන්දේ දිරාගිය කොටස් සියල්ල හලා ඉවත්කර පොහොර ලෙස මෙතැනින් ඉවත්කිරීමේ වැඩපිළිවෙලක් ද ඉතා ඉක්මණින් ක්‍රියාත්මක කරනවා. මේ නිසා ගාල්ලේ කසළ ප්‍රශ්නය අපිට කඩිනමින් විසඳන්න හැකිවේවි”.

අමාත්‍යවරයා මේ බව කියා සිටියේ ගාල්ල මහ නගර සභාව විසින් කුණු බැහැර කරනු ලබන වැකුණුගොඩ කුණු කන්ද පිහිටි ස්ථානයේ නව යන්ත්‍රය සවිකිරීමේ ව්‍යාපෘතිය ආරම්භ කිරීම පිළිබඳ සොයා බැලීමේ නිරීක්ෂණ චාරිකාවකට සහභාගී වෙමිනි.

Related posts

මට ඇත්තේ උදාගම් 20.000ක් හදා ජනතාවට පූජා කිරීමේ නැටුම පමණයි…

colombotoday

තනපටය ගලවා විසිකරන්න කැමතිදැයි රාජිත බුද්ධිනීගෙන් මූණටම අසයි [Video]

colombotoday

විදුලි ගාස්තු ඉහළ දමන්නේ වැරදි තොරතුරු මත… ලංවීම මාස දෙකක් තුළ බිලියන අටහමාරක ලාභයක් ලබලා

Admin

දුම්රියකදී සංචාරකයෙකුගේ දස ලක්ෂයකට විදලා

Admin

කොන්ද කෙළින් තියාගන්න, අවුන් සාන් සුචී ආදර්ශයට ගන්නැයි ජනපති මෛත්‍රීෙගන් ඉල්ලයි…

colombotoday

ගෝඨාභය අත්අඩංගුවට ගැනීම ගැන අධිකරණයෙන් අද දුන් තීන්දුව

colombotoday