Colombo Today Local News

ගානියා ප‍්‍රැන්සිස්ට දුරකථන ලැබුනේ ආහාර පාර්සල් තුල සඟවා බවට සැකයක් – අහාර සපයා ඇත්තේ ස්විස් තානාපති කාර්යාලයෙන්.

වැලිකඩ වයි රිමාන්ඞ් සිර මැදිරියේ සිටින ගානියා ප‍්‍රැන්සිස් නමැති ස්විස් තානාපති කාර්යාල සේවිකාවට ජංගම දුරකථනයක් සහ සීඞී තැටියක් ලැබීමේ සිද්ධිය ගැන පරීක්‍ෂණ අරඹා ඇත.

ස්විස් තානාපති කාර්යාලය ඇයට පිටතින් ආහාර පාන සපයන බවද හෙළිවී තිබේ. මෙම ජංගම දුරකථනය සහ සීඞී තැටිය ආහාර පාර්සලයක් තුළ සඟවා ඇයට ලබාදී ඇති බවට සැක කෙරේ.

මේ අතර ගානියා බැරිස්ටර්ට නිසි ආරක්‍ෂාව ලබාදෙන ලෙස යුරෝපා සංගමයට අයත් තානාපතිවරුන් පිිරිසක් විදේශ කටයුතු ඇමැති දිනේෂ් ගුණවර්ධන මහතාගෙන් ඉල්ලා ඇත.

මේ වන විට හෙළිවී ඇති තොරතුරුවලට අනුව ගානියා ප‍්‍රැන්සිස් ස්විස් තානාපති කාර්යාලයේ නියෝජ්‍ය සංක‍්‍රමණික නිලධාරිනිය බවත් දේශපාලන රැකවරණ පතන්නන් පිළිබඳව සියලූ තොරතුරු ඇය භාරයේ තිබූ බවත් වාර්තාවී තිබේ.

පොලිස් පරීක්‍ෂක නිශාන්ත සිල්වාට සංක‍්‍රමණික වීසා ලබාදී ඇත්තේද ඇය බව තවදුරටත් අනාවරණය වී ඇත.

මෙම කාන්තාව තමා පැහැරගත් බවට ගෙතූ අසත්‍ය පුවත හෙළිවී ඇතැත් ස්විස් සහ යුරෝපා තානාපති නිලධාරීන් රහස් පොලිස් විමර්ශනවලින් හෙළිවූ තොරතුරු පිළිගෙන නැත.

Related posts

පන්සල්වල තොරතුරු රැස්කරන බුද්ධි මෙහෙයුමක් පොලීසිය අරඹයි..? “කසාවතට, පන්සලට අතතියා වරද්දා නොගනු” – සිංහල රාවය

colombotoday

අත්‍යවශ්‍ය භාණ්ඩ 5 ක මිල ගණන් සතොස පහළ දමයි

colombotoday

අහිරහස් ලෙස වෙඩි වැදී මියගිය STF නිලධාරියෙකුගේ සිරුරක් හමුවෙයි

colombotoday

“බැදුම්කර පත්තරේ“ අච්චු ගැසීම නවතා දමයි.. සේවකයන්ට පඩිත් නෑ…

colombotoday

රෝසි ඝා-තන සැලසුමක්?

Admin

ඥානසාර හිමිගෙන් භික්ෂුන් වහන්සේලාට සංවේදී ලිපියක්

colombotoday