World

ගවමස් වල ගුණ ලියූ සඟරාවක කර්තෘගේ රැකියාවට අගුණ වෙයි.

151016215649_india_cow_worship_624x351_afpගව මස්වල පෝෂණ ගුණය පිළිබදව ලිපියක් පළ කිරීම නිසා ඉන්දියාවේ හර්යානා ප්‍රාන්තයේ ප්‍රකාශයට පත්වන සගරාවක කර්තෘවරයාගේ වැඩ තහනම් කර තිබේ.  හර්යානා ප්‍රාන්තය තුළ ගවමස් වෙළදාම හෝ අනුභවය නීතියෙත් තහනම් වේ.

මේ අතර පසුගිය දිනක කේරල ප්‍රාන්තයේ රජයේ තානායමක ගව මස් විකිණීම නිසා ප්‍රාන්තය පුරා උණුසුම්කාරි තත්වයක් හට ගැණිනි. ගව ඝාතනයේ යෙදුණු මුස්ලිම් ජාතිකයන් දෙදෙනෙකු මෑතකදී පහරදි මරා දැමීමත් සමග ඉන්දීය දේශපාලනය තුළද ගවමස් සම්බන්ධයෙන් දැඩි ආන්දෝලනයක් හට ගැණුනු අතර ගව ඝාතනය, වෙළදාම සම්බන්ධයෙන් දැඩි නීති පැනවීමට ඉන්දීය රජය තීරණය කර ඇත.

බිලියන එකයි දශම දෙකක් වන ඉන්දීය ජන ගහනයෙන් සියයට අසූවක් වන හින්දු භක්තිකයෝ ගවයා දේවත්වයට සබඳකම් දක්වන සත්වයකු ලෙස සලකති. ගව මස් වෙළඳාම හෝ පරිභෝජනය ඉන්දියාවේ බොහෝ ප්‍රාන්තවල තහනම් කර ඇත.

Related posts

ෂී ජින් පින් සහ ජෝ බයිඩන් අතර විශේෂිත හමුවක්

Admin

පකිස්ථානයේ පැවැත්වෙන 20 වැනි සාක් සමුළුවට ඉන්දියාව සඳහා සහභාගී නොවෙයි

colombotoday

ස්පාඤ්ඤයේ ලා පල්මා දූපතේ වීජා ගිනිකන්ද සක්‍රීය වෙයි

colombotoday

වඳුරු උණ ආසාදිතයන් සංඛ්‍යාව ඉහළට

colombotoday

ස්පාඤ්ඤ ආසාදිත 40,000 සීමාවට – මරණ 2,600 පනී

colombotoday

ඉන්දු – ජපන් ඒකාබද්ධ JIMEX නාවික හමුදා අභ්‍යාසය අවසන්

colombotoday