Colombo Today Local News

ගම්, නගර, මං මාවත්, ඓතිහාසික භූමිවලට හිතූ හිතූ නම් දැමීම තහනම්… රජයෙන් නිර්දේශකරන නම් පමණයි !

ශී‍්‍ර ලංකාවේ කිසිදු ගමකට නගරයකට වැවකට ඓතිහාසික ස්ථානයකට මින් ඉදිරියට සිංහල, දෙමළ, ඉංගී‍්‍රසි භාෂා තුනෙන්ම රජය විසින් නම් කර ප‍්‍රමිතිකරණය කරන ලද නම් හැර වෙනත් නම් යෙදීම සම්පූර්ණයෙන්ම නතර කර ඇතැයි මැනුම්පති එස්. එම්. ටී. සංගක්කාර මහතා පැවසීය.
 
 රට පුරා පිහිටි සෑම ගමකටම නගරයකටම හා ඓතිහාසික ස්ථානවලට අදාළව ප‍්‍රමිතිගත කරන ලද නම් ලක්‍ෂ පහක් මේ වන විට සකස්කර ඇතැයි ද මේ පිළිබඳව සම්පූර්ණ නාම ලේඛනය මිනින්දෝරු දෙපාර්තමේන්තුවේ වෙබ් අඩවියේ පළකර තිබෙන බවද ඒ මහතා සඳහන් කළේය.
 
 මෙම නාම ලේඛනය සකස් කරනු ලැබුවේ වසර තුනක් තිස්සේ පසුගිය රජය විසින් පත්කරනු ලැබූ ග‍්‍රාම නාම ප‍්‍රමිතිකරණ කමිටුව විසින් ලංකාවේ සෑම නගරයකටම ගමකටම ගොස් ප‍්‍රායෝගිකව සකස් කරන ලැයිස්තුවකට අනුව බවද හෙතෙම පැවසීය.
 
 මෙම තොරතුරු ගූගල් සමාගමටත් ලබා දෙන බවත් ඒ අනුව ලෝකයේ ඕනෑම තැනක සිට ලංකාව පිළිබඳ නිවැරදි තොරතුරු ලබාගැනීමට හැකි බවද ඒ මහතා කීවේය. ලබන සතියේදී රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශය මගින් මෙම නව ග‍්‍රාම නාම ප‍්‍රමිතිකරණ නාම ලේඛනය පිළිබඳව විශේෂ චක‍්‍රලේඛයක් නිකුත් කරන බවද මැනුම්පතිවරයා සඳහන් කළේය.
 
 නාම පුවරුවල මින් ඉදිරියට සිංහල, දෙමළ සහ ඉංගී‍්‍රසි භාෂා තුනේම එකම නමක් සඳහන් විය යුතු බවද මැනුම්පතිවරයා වැඩිදුරටත් පැවසීය. 

Related posts

අධ්‍යාපන සමූපකාර සේවකයින්ගේ වර්ජනය දැඩිවෙයි

colombotoday

සරසවි සිසුවෙක් පිහිණුම් තටාකයේ ගිලී මරුට

Admin

ඔය තරම් දගලන්න ඕනද.. අරක්කු සිගරැට් නැතිකරන ලේසිම විදිහ මෙන්න – සිසුවෙක් ජනතිගේ මූණටම කියාදෙයි

colombotoday

ප්‍රංශ ප්‍රහාරයට බෝම්බ හදා ඇත්තේ ධර්මරාජන් නමැති කළු කොටියා – ජාත්‍යන්තර පොලිසියෙන් පරීක්ෂණ

colombotoday

පාස්කු ප්‍රහාරය – මුලික අයිතිවාසිකම් පෙත්සම් විභාගය කල්යයි

colombotoday

හලාවත – මීගමුව පෞද්ගලික බස් වර්ජනය අවසන්

Admin