මිළ කල නොහැකි ගජමුතු දෙකක් ළඟ තබාගත් පුද්ගලයින් හතර දෙනෙකු තිස්සමහාරාම නගරයේදී අත්අඩංගුවට ගත් බව තිස්සමහාරාම පොලිසිය පවසනවා.
අත්අඩංගුවට ගත් හතර දෙනා අතර පාසැල් ගුරුවරියකද ඇය වැල්ලවාය ප්රදේශයේ පදිංචි කාරියනියක බවද පොලිසිය පවසයි.
අනෙක් සැකකරුවන් තිදෙනා බුත්තල,වැල්ලවාය සහ ගල්ගමුව ප්රදේශවල පදිංචි කරුවන් බව පොලිසිය පැවසීය.
සැකකරුවන් ලග තිබී සොයාගත් ගජමුතු දෙක විකිණීම සදහා තිස්සමහාරාම ප්රදේශයට පැමිණ ඇත.
සැකකරුවන් තිස්සමහාරාම මහේස්ත්රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබුණි.