Colombo Today Local News

ගංගා ආශ්‍රිත හෝටල්වලින් 60%ක් නීති විරෝධියි

මෙරට ගංගා ආශ්‍රිතව ඉදිකර තිබෙන සංචාරක හෝටල්, කර්මාන්ත ශාලා හා වෙනත් ව්‍යාපාරික ආයතනවලින් සියයට හැටකට වැඩි ප්‍රමාණයක් පරිසර වාර්තා ලබාගෙන නොමැති බව පරිසර අමාත්‍යාංශය සඳහන් කරයි.

පරිසර වාර්තා ලබාගත් ඇතැම් ආයතන පවා මේ වෙද්දී පරිසර නිර්දේශ අනුව කටයුතු නොකරන බවට තොරතුරු අනාවරණය වී ඇතැයිද එම අමාත්‍යාංශය කියයි.

ගංගා 103 කින් සමන්විත මෙරට ගංගාධාර පද්ධතිය සංරක්ෂණය සඳහා පරිසර අමාත්‍යාංශය සැලසුම් කරන ලද ‘සුරකිමු ගංගා’ නමින් ව්‍යාපෘතිය සඳහා කැබිනට් මණ්ඩල අනුමැතිය ලැබී ඇති බවද පරිසර අමාත්‍යාංශය සඳහන් කරයි.

පරිසර ඇමැති මහින්ද අමරවීර ඉදිරිපත් කරන ලද කැබිනට් පත්‍රිකාවට පෙරේදා (3 වැනිදා) මෙලෙස අනුමැතිය ලැබී තිබේ.

ගංගා පද්ධතිය ආශ්‍රිතව මේ වනවිට සිදුවන පරිසර දූෂණය වළක්වමින් සියලුම ගංගාධාර සංරක්ෂණයට පියවර ගැනීම මෙම ව්‍යාපෘතියේ අරමුණ වේ. මෙම වැඩසටහනට රුපියල් කෝටි 3200 ක මුදලක් වැය කෙරේ.

මේ අනුව ඉදිරියේදී ගංගා දූෂණය සිදුකරන පුද්ගලයන්ට එරෙහිව නීතිමය පියවර ගනු ඇත.

ශ්‍රී ලංකාවේ ගංගා පද්ධතියෙන් 80 ක්ම අයත් වන්නේ වියළි කලාපයටය. දැනට සිදුකර තිබෙන ගණන් බැලීම් අනුව මෙම සමස්ත ගංගා 103 න්ම මුහුදට ඇදී යන ජල ප්‍රමාණය කියුබික් ඝන මීටර් 55,000 කි.

Related posts

අත් පා ගැටගැසූ කතක් පාළු මගක් අසල දමා ගිහින්

colombotoday

රාජ්‍ය ඇමති වියාලේන්ද්‍රන්ගේ ආරක්ෂකයෙකු‌ගේ වෙඩි පහරින් ටිපර් රථ රියදුරෙක් මරුට

colombotoday

අපරාධ නඩු විශේෂ විධිවිධාන ක්‍රියාත්මක වීම් දීර්ඝ කරයි

colombotoday

කොවිඩ් නිසා මූල්‍ය ශක්තිය පිරිහුණු රටවල් අතරට ශ්‍රී ලංකාවත්

colombotoday

ඇරන්දිකගේ පුතා ඇතුලු නමයකට ඇප

colombotoday

ශෂී වීරවංශට අධිකරණයෙන් ඇප

colombotoday