Colombo Today Local News

කෝටියක කේරළ ගංජා සමඟ දෙදෙනකු අත්අඩංගුවේ

ප්‍රාඩෝ වර්ගයේ ජිප් රථයකින් රුපියල් එක්කෝටි අසුලක්ෂයක් පමණ වටිනා කේරළ ගංජා කිලෝ 30ක් ප්‍රවාහනය කරමින් සිටි පුද්ගලයන් දෙදෙනෙකු අද(16)දින අනුරාධපුර ශ්‍රාවස්තිපුර සුදු පාලම ආසන්නයේදි අත්අඩංගුවට ගත්බව සුරාබදු දෙපාර්තමේන්තුවේ උතුරැ මැද පළාත භාර සහකාර කොමසාරිස් සුමේද වසන්ත සිරි මහතා පැවසිය.

මෙම කේරල ගංජා කිලිනොච්චියේ සිට වලස්මුල්ල දක්වා රැගෙන යමින් තිබියදි අනුරාධපුර සුරාබදු විශේෂ මෙහෙයුම් ඒකකයේ නිලධාරින්ට ලද තොරතුරක් මත මෙම වැටලිම සිදු කොට තිබුණි.

සුරාබදු නිලධාරින් විසින් මෙම ප්‍රාඩෝ වර්ගයේ ජිප් රථය නැවත්විමට සංඥා කළද එය නොනවත්වාම ධාවනය කර තිබු අතර අනුරාධපුර පොලිසියේ රථවාහන අංශයේ නිලධාරින්ගේ සහාය ලබාගෙන මෙම ජිප් රථය නවතා ඇත.

පසුව එම රථය සෝදිසි කළ අවස්ථාවේදි එම රථයේ පසුපස සකස්කර තිබු විශේෂ කුටියක තිබි මෙම ගංජා තොගය සොයා ගෙන තිබුණි.

මෙම ප්‍රාඩෝ වර්ගයේ ජිප් රථය වලස්මුල්ල ප්‍රදේශයේ පුද්ගලයෙකුට අයත් එකක් වන අතර සැකකරැවන්ද එමප්‍රදේශයේම පදිංචි වයස අවුරැදු 30 හා 32 හැවිරිදි වියේ පසුවන්නන්ය.

සැකකරැවන් අධිකරණයට ඉදිරිපත් කිරිමට නියමිතය.

උතුරැ මැද පළාත භාර සහකාර කොමසාරිස් සුමේද වසන්ත සිරි මහතාගේ උපදෙස් මත ස්ථානාධිපති ෂර්ලි විජේසිංහ මහතා ඇතුළු පිරිසක් විසින් මෙම වැටලිම සිදුකොට තිබුණි.

Related posts

හෙරොයින් ජාවාරම්කරුවන් නිදහස් වී යාම කනගාටුදායක තත්ත්වයක් – මහාධිකරණ විනිසුරු

colombotoday

කතක් හපුතලේ පොලිසියේ දි ගිනි තියා ගනී

Admin

හිටපු ඇමතිලා හතරක් සී.අයි.ඩීයට

Admin

Bodu Bala Senaබොදු සමුළුව බලන්ගොඩ – සජීවී විකාශය

colombotoday

නව නියෝජ්‍ය කථානායකවරයෙකු පත්කර ගැනීම අද

colombotoday

පිලිකා රෝගයකට ගොදුරු වූ දෙහිවල සත්තු වත්තේ කෙල්ල මියයයි

colombotoday