Covid 19

කොවිඩ් වැළදුණු මවක් දින 21ක බිළිදා සමග රෝහල් ගත කෙරේ.

තංගල්ල, කුඩාවැල්ල ප්‍රදේශයේ 25 හැවිරිදි කාන්තාවකට කොවිඩ් -19 වෛරසය ආසාදනය වී ඇති බව අනාවරණය වී තිබේ.

ඇයගේ දරුවට දවස් 21ක් වන බැවින් ඇය සමග බිළිඳා ද රෝහල්ගත කෙරුණි.

මෙම කාන්තාව නුවර සිට කිරිබත්ගොඩ ප්‍රදේශයට පැමිණ පෑලියගොඩ මත්ස්‍ය වෙළෙඳ සංකීර්ණයේ සේවය කරන තම ඥාතියෙකුගේ නිවසෙහි සතියක කාලයක් නැවතී සිට කුඩාවැල්ල ප්‍රදේශයේ පිහිටි සිය නිවසට ආපසු පැමිණ තිබේ.

කිරිබත්ගොඩ ප්‍රදේශයේ පදිංචි සිය ඥාතියාට කොවිඩ් වෛරසය ආසාදනය වී ඇති බව ඇයට දැනගැනීමට ලැබී ඇත්තේ ඉන් පසුවය.

ඒ අනුව ඇයට සිදුකළ PCR පරීක්ෂණයේදී වෛරසය ආසාදනය වී ඇති බව තහවුරු වී තිබේ.

Related posts

නිරෝධායන ක්‍රියාවලියට යුධහමුදාව මැදිහත් වීමට එරෙහිව ජීනිවා වෙත පැමිණිලි

colombotoday

ඊයේ තවත් ආසාදිතයන් 625ක් – සමස්තය 15,000 ඉක්මවයි

colombotoday

ලංකාවේ ගත වු පැය 24 තුළ කිසිදු ආසාදිතයෙක් වාර්තා වී නොමැත

colombotoday

මෙරට 22 වන කොරෝනා මරණය වාර්තා වෙයි

colombotoday

ජනාධිපති ලේකම් කාර්යාලයේ ආරක්ෂාවට යොදවා සිටි STF 30කට කොවිඩ්.

colombotoday

කොවිඩ් ආසාදිතයින් 577 ක්

colombotoday