Colombo Today Local News

කොවිඩ් රෝගීන් වැඩි වීම සෞඛ්‍ය කේෂ්ත්‍රයේ දරාගැනීමට ඇති හැකියාව ඉක්මවා යාමේ අවධානමක – රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය අනතුරු අඟවයි

මිනුවන්ගොඩ ඇගළුම් කර්මාන්ත ශාලාව ආශ්‍රිතව ඇතිවූ කොවිඩ් -19 පොකුර හේතුවෙන් සෞඛ්‍ය ධාරිතාව සඳහා දරාගැනීමට ඇති හැකියාව ඉක්මවා යාමේ අවධානමක් උද්ගතවී ඇති බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පෙන්වා දෙනවා.

රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ ඉල්ලීම මත සෞඛ්‍ය අමාත්‍යවරියගේ ප්‍රධානත්වයෙන් පැවති විශේෂ සාකච්ජාවේදී ඒ සම්බන්ධයෙන් ගත යුතු යෝජනා 10ක් ඉදිරිපත් කළ බවයි එම සංගමය නිවේදනය කර සිටින්නේ.

එම යෝජනා අනුව සෞඛ්‍ය සේවකයින් එකවර කොවිඩ් 19 රෝගයට නිරාවරණය වීම වැළැක්වීම සඳහා රෝග ව්‍යාප්තිය අවදානම් දිස්ත්‍රික්ක වල රෝගීන් වාර්තා වන ආකාරය අනුව සෞඛ්‍ය සේවකයින් සෞඛ්‍ය කාර්ය මණ්ඩලය විඩාවට පත්නොවන ලෙස රෝහල් තුළ සිදු කෙරෙන දෛනික කටයුතු තාවකාලිකව ලිහිල් කිරීමට පියවර ගන්නා ලෙස ඉල්ලා ඇත.

එමෙන්ම වසංගත රෝග නිවාරණ ඒකකය සතු දත්ත කොවිඩ් මර්ධන ක්‍රියාවලියට සම්බන්ධ පාර්ශව අතර බෙදා ගැනීම හා කොවිඩ් 19 රෝගීන් සහ ආශ්‍රිතයින් GPS තාක්ෂණය භාවිතා කර ව්‍යාප්තිය සිතියම් ගත කිරිම මගින් කොවිඩ් 19 රෝගීන් හා ආශ්‍රිතයින් සහිත රතු කලාප වල සංචරණ සීමා කරන නීති පනවන ලෙස රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය සිය යෝජනා වලට ඇතුලත් කොට ඇත.

රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය ඉදිරිපත් කළ යෝජනා 10 පහතින් දැක්වේ.

Related posts

හෝමාගම සිද්ධිය සම්බන්ධයෙන් 4ක් අත්අඩංගුවට

colombotoday

12ත් 15ත් අතර ළමුන් එන්නත්කරණය ඇරඹෙයි

colombotoday

පැරෂුටයකින් ගමන් කරමින් සිටි අයෙක් ඇද වැවෙයි

colombotoday

ලොව ඉපැරණිම ජනාවාසයක් වූ පාහියන්ගල, ඓතිහාසික ගල්ලෙන අනතුරේ !

colombotoday

බුද්ධික-සුජීව එජාප මන්ත්‍රී හමුව මගහරී.. ජනපති හමුවෙයි !

colombotoday

ගමෙනුත් විසිවී, ආසනත් පරාජය වූ එජාප – ශ්‍රීලනිප ප්‍රබලයෝ මෙන්න

colombotoday