Colombo Today Local NewsCovid 19

කොරෝනා යැයි සැක 133 ක් රට පුරා රෝහල් 16 ක

කොරෝනා වයිරසය (කොවිඩ්-19) ශරීරගත වී ඇත්දැයි සැක සහිත  පුද්ගලයින් 133 දෙනකු මේ වන විට  ශ්‍රී ලංකාව පුරා   රෝහල් 16 ක් වෛද්‍ය අධීක්ණය යටතේ සිටින බවට  සෞඛ්‍ය සහ දේශිය වෛද්‍ය සේවා අමාත්‍යංශයේ  වසංගත රෝග විද්‍යා අංශය කියයි.

ශ්‍රී ලංකාවේ මේ වන විට කොරෝනා වයිරසය අසාදනය වූ  පුද්ගලයින්ගේ  සංඛ්‍යාව 11 ක් වන අතර,  ශ්‍රී ලාංකිකයින් 10 දෙනකු සහ චීන ජාතික කාන්තාව  ඊට අයත් වේ.මේ අතුරින් චීන ජාතික කාන්තාව සුවය ලබා පිටත්ව ගියාය.  

වසංගත රෝග විද්‍යා අංශය නිකුත් කළ නවතම වාර්තාවේ මෙම කරුණු දැක්වෙයි.

ජාතික  බෝවන රෝග විද්‍යායතනය, කුරුණෑගල ශික්ෂණ රෝහල, ගම්පහ  දිස්ත්‍රික් මහ රෝහල, මීගමුව දිස්ත්‍රික් මූලික රෝහල, රත්නපුර ශික්ෂණ රෝහල සහ පොළොන්නරුව මහ රෝහල යන රෝහල් 6 සඳහා  මේ වන විට  සැක සහිත රෝගීන්  වැඩි වශයෙන් ඇතුළු කර  ඇතැයි එම වාර්තාවේ දැක්වෙයි. 

ඒ අනුව  මේ වන විට   ජාතික  බෝ වන රෝග විද්‍යායතනයේ   සැක සහිත පුද්ගලයින්   45 දෙනක් වෛද්‍ය උපදෙස් මත රඳවා සිටිති.  ඉන්  41 දෙනකු  ශ්‍රී ලාංකිකයින් වන අතර සිව්  දෙනෙක්  විදේශිකයෝ වෙති.

කුරුණෑගල ශික්ෂණ රෝහලට ශ්‍රී ලාංකික පුද්ගලයින් 14 දෙනකු , ගම්පහ දිස්ත්‍රික් මහ රෝහලට පුද්ගලයින් 13 දෙනකු  ඇතුළත් කර සිටින අතර  මීගමුව  දිස්ත්‍රික් මහ රෝහලට 15 දෙනකු ඇතුළත් කර ඇත. ඉන් 14 දෙනකු ලාංකිකයින් වන අතර එක් විදේශිකයෙක් සිටී. පොළොන්නරුව මහ රෝහලට  සැක සහිත පුද්ගලයින් 12 දෙනකු ඇතුළත් කර තිබේ.  

 ඒ හැරුණු විට  ශ්‍රී ලංකාව පුරා සෙසු රෝහල් 10 සිටින පුද්ගලයින් ද සමඟ වයිරසය ශරීරගත වී ඇත්දැක් පරීක්ෂණ සඳහා  දිවයින පුරා රෝහල් වලට ඇතුළු වී  සිටින මුළු පුද්ගල  සංඛ්‍යාව 133 කි.

 වසංගත රෝග විද්‍යා අංශයෙන් නිකුත් කරන ලද  නවතම වාර්තාව පහත දැක්වෙයි

https://tinyurl.com/vguwm2p

Related posts

වගා හානි වූ ගොවීන්ට නොමිලේ ඉන්ධන ලබා දීම අරඹයි

Admin

හෙළයේ මහා ගාණ්ධර්වයන්ගේ අවසන් කටයුතු: සජීවී විකාශය

colombotoday

13හැවිරිදි දරුවාගේ යකඩ පොලු පහරින් මිත්තනිය මරු දකී

colombotoday

හරීන් ඇමතිකමෙනුත් පක්ෂ තනතුරිනුත් ඉවත් වෙයි

colombotoday

තවත් මන්ත්‍රීවරයෙක් පොසිටිව්

colombotoday

වසවිස හොයන රතන හිමී.. අහෝ නොදුටී “නෙස්ටී“

colombotoday