Colombo Today Local News

කොරෝනා යැයි සැක යාචකයෙක් රෝහල්ගත කරයි

උණ,  හා කැස්ස වැනි  රෝග ලක්ෂණ සහිතව තලවකැලේ බස් නැවතුම් පොල භූමියේ සිටි යාචක රෝගී පුද්ගලයෙකු රෝහල් ගත කිරීමෙන් පසුව බස් නැවතුම්පොල හා බස් රථ විෂබීජහරණය කිරීමට කිරීමට  අද (21) පියවර ගත්බව  තලවකැලේ මහජන සෞඛ්‍ය පරීක්ෂක ලක්මාල්ද සිල්වා මහතා කීය.
 
මෙම යාචක පුද්ගලයා බගවන්තලාව ප්‍රදේශයේ සිට තලවකැලේට පැමිණ ඇති අතර, පසුව ඊයේ (20) උදෑසන  සිට බස් නැවතුම්පොලේ නවාතැන්  ගෙන ඇති බවට සෞඛ්‍ය අංශ විසින් තොරතුරු හෙළි කර ගෙන තිබේ.
 
ඒ අනුව බස් නැවතුම්පොල හා ඊයේ (20) සිට බස් නැවතුම්පොලට පැමිණි සියළුම බස් රථ විෂබීජ නාශක යොදා මෙසේ පිරිසිදු කිරීමේ කටයුතු තලවකැලේ ලිඳුල නගර සභාව විසින් සිදු කරනු ලැබීය.
 
යාචක පුද්ගලයාගේ මතුව ඇති රෝග ලක්ෂණ අනුව එම පුද්ගලයා ආරක්ෂාකාරිව වැඩිදුර වෛද්‍ය පරීක්ෂණයන් සිදු කිරීම සඳහා ලිඳුල ප්‍රාදේශීය රෝහලට ඇතුළත් කිරීමට පියවර ගත් බවද ඒ මහතා වැඩිදුරටත් කීය.

Related posts

“අනාගතයේ සමෘද්ධිමත් ජාතියක් බවට පත්වීමට නම් අවශ්‍ය වන්නේ උසස් අධ්‍යාපන ව්‍යුහයේ පුළුල් වෙනසක්”

colombotoday

දුරකතන ආරවුලකට තරුණයකුගේ පපුවට පිහියෙන් ඇන ඝාතනය කරයි

Admin

ජනාධිපතිවරණයට වැඩිම අපේක්‍ෂකයෝ මෙවර !

colombotoday

වරාය වෘත්තිය සමිති සහ අගමැති අතර අද සාකච්ඡාවක්

colombotoday

හේෂා අත්අඩංගුවට ගන්න වරෙන්තු නිකුත් කෙරේ

Admin

චම්පිකට අගමැති වෙන්න ITN එක මට දෙන්න – ඇමති චම්පිකගේ ගෝලයා ITN වනසන ලකුණු

colombotoday