රජය මගින් ආරම්භකළ කෝවිඩි 19 වසංගතය වැළැක්වීමේ අරමුදලට රුපියල් ලක්ෂ 50 ක් පරිත්‍යාගය කිරිමට සියම් මහා නිකායේ අස්ගිරි සංඝ සභාව කටයුතු කරතිබේ.
රටතුළ පවතින ආපදා ත්ත්වය සැලකිල්ලට ගනිමින් ,ජනතාව ඉන් මුදවාගැනීමට රජයට සහය විම සම්බන්ධයෙන් අස්ගිරි කාරක සංඝ සභාව සකච්චාව කල බවත් ඒ අනුව මෙම මුදල් පරිත්‍යාගය සිදුකරන බවත් අස්ගිරි පාර්ශවයේ අනුනායක ආණමඩුවේ ධම්මදස්සී හිමියෝ පැවසූහ .
කෝවිඩි -19 වසංගතය පැරදවීමට රජය ගෙනයන වැඩපිළිවෙළ පිලිබඳව සතුටු වන බවත් මේ අවස්ථාවේදී කැපවී කටයුතු කරන සෞඛ්‍ය අංශය සහ ආරක්ෂක අංශය වෙත ,අස්ගිරි පාර්ශවයේ මහානායක හිමි ඇතුළු කාරක සංඝ සභාවේ ප්‍රනාමය පුදකරන බවද උන්වසන්සේ ප්‍රකාශ කළහ.