Colombo Today Local News

කොටි සැමරුම් තහනම් – යාපනය අධිකරණයෙනුත් නියෝගයක්

යාපනය සහ කෝපායි යන ප්‍රදේශවල LTTE සැමරුම් උත්සව පැවැත්වීම තහනම් කරමින් යාපනය මහෙස්ත්‍රාත් අධිකරණය තහනම් නියෝගයක් නිකුත් කර තිබේ.

ලබන 29 වනදා දක්වා බලපැවැත්වෙන පරිදි එම තහනම් නියෝගය නිකුත් කර ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක, නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පැවසීය.

“යාපනය මහෙස්ත්‍රාත් අධිකරණය විසින් යාපනය මහෙස්ත්‍රාත් අධිකරණ බලසීමාව තුළ සහ කෝපායි ප්‍රදේශය තුළ 29 වනදා දක්වා LTTE ත්‍රස්තවාදීන් සැමරුම තහනම් කරමින් අපරාධ නඩු විධාන සංග්‍රහයේ 106 වගන්තිය ප්‍රකාරව නියෝගයක් නිකුත් කරනු ලැබුවා. ඒ වගේම මුලතිව් මහෙස්ත්‍රාත් අධිකරණය විසින් මීටපෙර නිකුත් කරනු ලැබූ තහනම් නියෝගය තවදුරටත් තහවුරු කරමින් නියෝගයක් නිකුත් කෙරුණා LTTE සැමරුම් පැවැත්වීමෙන් වළකින ලෙසට. යම් කෙනෙක් උසාවි නියෝගවලට පටහැනිව කටයුතු කරනු ලැබුවහොත් ඔවුන්ට එරෙහිව අපරාධ නීතිය යටතේ කටයුතු කරනවා,” ඒ පිළිබඳ වැඩිදුරටත් පැහැදිළි කරමින් නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා සඳහන් කළේය.

Related posts

කොන්සියුලර් සේවා සැපයීම දින තුනකට සීමා වෙයි

colombotoday

මෙරට පුද්ගලයින් ලක්ෂ 96ක් දරිද්‍රතාවයෙන් පෙළෙන බවට අනාවරණයක්

colombotoday

යතුරුපැදිකරුවන් 8,957කට නීතිමය පියවර

colombotoday

මහනුවරින් ISIS පොඩ්ඩෙක් මතුවෙයි

colombotoday

ලංවීම සේවකයින් අදත් කොළඹ විරෝධ‍යේ

Admin

ලිංගික කටයුතු සඳහා කාන්තාවන් සපයන වෙබ් අඩවි සොයා පොලිස් මෙහෙයුම්

colombotoday