Colombo Today Local News

කොටි සැකකරුවන් නිදහස් කරනවාට විරුද්ධ වෙන්නේ ජාතීවාදීන්, ඔවුන්ට දඩුවම් දිය යුතුයි – අර්ජුන

arjunaත්‍රස්තවාදී ක්‍රියාවලට සම්බන්ධ බවට චෝදනා ලැබූ එල්.ටී.ටී.ඊ සැකකරුවන් නිදහස් කරන විට ඊට එරෙහි වීමේ සදාචාරාත්මක අයිතික් බොහෝ දේශපාලනඥයින්ට නැති බව වරාය සහ නාවික අමාත්‍ය අර්ජුන රණතුංග මහතා පවසයි.  රටේ අධිකරණයෙන් දුන් තීන්දුවක් අනුව එල්.ටී.ටී.ඊය ට සම්බන්ධ බවට චෝදනා ලැබූ පිරිස් නිදහස් කරනට විට ඊට එරෙහිව පෙනී සිටින දේශපාලන නායකයින් ඉන්නා බවත්, රටේ ජාතාවාදය අවුස්සන්නේ ඔවුන් බවත් අමාත්‍යවරයා ප්‍රකාශ කරයි.

ඇමතිවරයා මේ බව ප්‍රකාශ කර ඇත්තේ ඊයේ (13) ත්‍රිකුණාමල වරායේ ඉහළ නිලධාරීන් හමුවිමෙන් පසු මාධ්‍ය හමුවේ අදහස් දක්වමිනි.

පසුගිය ආණ්ඩුවේ එල්.ටි.ටි.ඊ නායකයින් සමග එක්ව කටයුතු කළ නායකයින් සාමාන්‍ය දෙමළ ජනතාවට සාධාරණය ඉෂ්ට කිරීමට එරෙහිව කටයුතු කරන බවටත් ඇමති වරයා චෝදනා කරයි.

මට කණගාටුයි කියන්න, පසුගිය ආණ්ඩුවේදී මේ කෑගහන දේශපාලන නායකයෝ ලංකාව විනාශ කරපු එල්. ටී. ටී. ඊ නායකයින්ට අමැතිකම් දීලා, ඒ ඇමතිවරුත් එක්ක කැබිනට්ටුවෙත් සිටියා. ඒ කාලේ ඔවුන් ඒ්වට විරුද්ධව කෑ ගැහුවේ නෑ. ඒවා හොඳයි කිව්වා. නමුත් එල්. ටි. ටි. ඊ. එකට සම්බන්ධයි කියලා චෝදනා ලැබුණු අයට නීතියෙන් නිදහස් වෙන්න අවස්ථාව දෙනකොට ඒවට විරුද්ධ වෙනවා.  මේ කරන්නේ ජාතිවාදය අවුස්සන එක. ඉතිං මම හිතනවා අතිගරු ජනාධිපතිතුමාත් අගමැතිතුමාත්, ජාතිවාදය අවුස්සන, මේ රට විනාශ කරන්න හදන ඔවුන්ගේ ගමන නවත්තන්න  ඕන.

පසුගිය කාලේ හොරකම් කරපු, අද බලය ලබා ගැනීමට ජාතිවාදය අවුස්සන මේ දේශපාලනඥයින්ට අඩුම ගණනේ නීති පනවලා දඩුවම් පමුණුවන්න  ඕන. එහෙම නැතුව මේ රට හදන්න බෑ… යැයිද අමාත්‍යවරයා එහිදී පැවසීය.

Related posts

කඩවත දෙමහල් නිවසක ගින්නක් – යුවළක් මරුට

colombotoday

නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා කෙටුම්පතට දෙපැත්තෙන්ම මෙතෙක් සහයෝගය ලැබී නැහැ

Admin

ඔක්සිජන් සතිපතා ආනයනය කිරීමට අනුමැතිය

colombotoday

‘ගිනි අවි සහ ගිනිකෙළි‘ තුළින් පාතාලයේ ඇත්ත රටට හෙලිකළ අනුර හොරේෂස් ඥාණසාර හිමිගැන කියන දේ

colombotoday

රණවිරු සැමරුම් සතියේ ගෝඨාභයගේ හමුදා ආරක්ෂාව ඉවත් කෙරේ ?

colombotoday

ඈන් කුමරිය දිවයිනට

Admin