Colombo Today Local News

කොටකෙතනේ 6ක් ඝාතනය කළේ ‘එකෙක්’බව DNA පිරික්සුමෙන් තහවුරු වෙයි

kotakethaí 1

කහවත්ත, කොටකෙතන කාන්තාවක ඝාතනය කිරීම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන සිටින සැකකරුවෙකු එම ප්‍රදේශයේ සිදුවූ එවැනි ඝාතන හයකට සම්බන්ධවී ඇති බවට ඩී.එන්.ඒ සාම්පල පරීක්ෂාව මගින් තහවුරු වී ඇතැයි වාර්තා වේ.

ජින්ටෙක් ආයතනයෙන් ලබාගත් අදාළ වාර්තාවන් පැල්මඩුල්ල මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු විනිසුරු දිනේශ් ලක්මාල් ඉදිරියේ කරුණු දක්වමින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් මෙම කරුණු අනාවරණය කර ඇත.

ඉකුත් සිකුරාදා දිනයේ අත්අඩංගුවට ගනු ලැබූ සැකකරු ඉරිදා දිනයේ මහේස්ත්‍රාත් හමුවට පමුණුවා අද (15) දිනය දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කර ඇත.

කෙසේ වෙතත් සැකකරු‍ සමග අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව බාරයට ගනු ලැබූ උල් පිහියක්, වප් පිහියක් හා සැකකරුගේ ලේ තැවරුණු ඇඳුම් කිහිපයක් ජින්ටෙක් ආයතනයට යොමු කිරීමෙන් පසු එම ආයතනය විසින් සිදුකළ ඩී.එන්.ඒ පරීක්ෂණ මගින් මීට පෙරාතුව සිදුවූ ඝාතන 6ට සැකකරු සම්බන්ධවී ඇතැයි තහවුරු වී ඇති බව සඳහන්ය.

එහෙත් සැකකරු අත්අඩංගුවට ගනු ලැබූ ආසන්නතම පුද්ගල ඝාතනයට අදාළව ඩී.එන්.ඒ වාර්තාව මෙතෙක් ලැබී නොමැත.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ කරුණු දැක්වීම් සැලකිල්ලට ගනිමින් පැල්මඩුල්ල මහේස්ත්‍රාත් දිනේශ් ලක්මාල් මහතා විසින් සැකකරු ලබන 29 දින දක්වා යළි රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස නියෝග කර තිබේ.

Related posts

අදින් පසු රාජ්‍ය මුදල් වැය කළොත් ජනපතිගේ ප්‍රජා අයිතියද නැතිවිය හැකියි

colombotoday

“ෆෙඩරල් ක්‍රමයකට ලංකාව සූදානම්“ – මංගල ඇමරිකාවේදී කියයි

colombotoday

“2020 පොදු අපේක්ෂකයා රාජිත – පොහොට්ටුවේ ප්‍රධාන කථිකයා චතුර” – අද පාර්ලිමේන්තුවේදී හෙළිකරයි

colombotoday

ගුවන් භාණ්ඩ ප්‍රවාහනයෙන් ඩොලර් මිලියන 10ක ලාභයක්

colombotoday

“හමුදාව සතු ඉඩම් දී ඉවත් වෙනු” උතුරේ සංවිධාන හර්තාලයට සැරසෙයි

colombotoday

පොහොට්ටුවෙන් විමල්ට සෘජුව විරෝධය පල කරයි.. මහ ලේකම් මාධ්‍ය කැදවා කියයි

colombotoday