Colombo Today Local News

කොකේන් කමිටුව ස්වාධීන නෑ… රන්ජන්ගෙන් අලුත් චෝදනාවක් !

කොකේන් භාවිතා කරන පාර්ලිමේන්තු මැති ඇමැතිවරුන් සිටීද යන්න සොයාබැලීම සඳහා අග‍්‍රාමාත්‍යවරයා විසින් පත්කළ විශේෂ කමිටුව සම්බන්ධව තමන්ට විශ්වාසයක් නොමැති බව රාජ්‍ය අමාත්‍ය රන්ජන් රාමනායක පවසයි.

ඊයේ (22) එම කමිටුව ඉදිරියේ විශේෂ ප්‍රකාශයක් ලබාදීමෙන් පසුව මාධ්‍ය සිදුකළ විමසීමකදී ඔහු මේ බව සදහන් කල අතර තමන් විවේචනය කලේ එක්සත් ජාතික පෙරමුණ නියෝජනය කරන පිරිස් ද ඇතුලත්ව බවත් එහෙත් ඒ ගැන විමර්ශන කරන කමිටුව ද එක්සත් ජාතික පෙරමුණට සම්බන්ධ බැවින් එය ස්වාධීන නොවන බවද පැවසීය.

ඒ අනුව රාජ්‍ය අමාත්‍යවරයා සදහන් කර සිටියේ මේ සදහා ස්වාධීන කමිටුවක් පත්කල යුතු බවය.

එම ප‍්‍රකාශය ලබාදීමෙන් අනතුරුව තමන් මත්ද්‍රව්‍ය භාවිතා කරන්නේද යන්න ගැන තහවුරු කරගැනීමේ රුධිර පරීක්‍ෂාවක් කරගැනීම සඳහා කොළඹ පෞද්ගලික රෝහලට ගිය රන්ජන් රාමනායක මහතා ඒ සඳහා රුධිර සහ මුත‍්‍රා සාම්පලයක් ද ලබාදුන්නේය.

මෙම පරීක්‍ෂණය මගින් කොකේන් ඇතුළු මත්ද්‍රව්‍ය 11 ක් ගත වූ මාස තුනක් තුළ භාවිතා කර ඇත්ද යන්න තහවුරු කරගත හැකි බව රන්ජන් රාමනායක මහතා කීවේය.

කොකේන් භාවිතා කරන මැති ඇමැතිවරු සිටින බවට රන්ජන් රාමනායක මහතා ඉකුත් දා ප‍්‍රකාශ කළ අතර ඒ සම්බන්ධයෙන් සොයාබැලීම සඳහා අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ මහතා පෙරේදා (20) දිනයේදී මෙම කමිටුව පත් කළේය.

පාර්ලිමේන්තුවේ සභානායක, අමාත්‍ය ලක්‍ෂ්මන් කිරිඇල්ල මහතා මෙම කමිටුවේ සභාපතිවරයා වන අතර මුදල් රාජ්‍ය අමාත්‍ය ඉරාන් වික‍්‍රමරත්න, පාර්ලිමේන්තු මන්ත‍්‍රී ආශු මාරසිංහ, නීතීඥ නිශ්ශංක නානායක්කාර යන මහත්වරු එහි සෙසු සාමාජිකයෝ වෙති.

එම කමිටුව විසින් සකස් කරන වාර්තාව අනිද්දා (25) දිනයේදී අගමැතිවරයාට බාරදීමට නියමිතය.

Related posts

ලංකාවේ තත්ත්වය සමීපව නිරීක්ෂණය කරනවා – IMF

colombotoday

අධිකරණයට අපහාස කලා යැයි සනත් නිශාන්තට එරෙහිව තවත් පෙත්සමක්

colombotoday

ඩොලරය නහුතෙට නගිනවා… යාපනේ කොටි සමරණවා… ජනපති දැන් කතා කරන්නේ අධෝ මුඛයෙන්…

colombotoday

බාල වයස්කාර සිසුවකුට ලිංගික අපයෝජන කළ ගුරුවරිය රිමාන්ඩ් – මාතලේ නිවසක රහසිගතව සඟවාගෙන ඉඳලා

colombotoday

ත්‍රී.මලේ කොටසක් ඉන්දියාවට.. ඉන්දීය අවසර නැතිව ඇතුල්වීම තහනම් වේ

colombotoday

“අළුත් ව්‍යවස්ථාවෙන් අපේ ඉල්ලීම් දිනාගන්නවා.. විග්නේෂ්වරන්ගේ වැඩවලට අපි නෑ“ – TNA

colombotoday