Colombo Today Local News

කෙසෙල්වත්ත පොලිසියේ 20 ක් නිරෝධායනයට

ජා ඇලින්   හමුවු කොරෝනා ආසාදිතයා  ඇසුරු කළ පුද්ගලයකු   ඇදිරීනීතිය උල්ලංඝනය කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත්  කොළඹ කෙසෙල්වත්ත පොලිසියේ   20 දෙනකු    නිරෝධායනය සදහා අත්තිඩිය  යෝජිත  පොලිස්  විශ්ව විද්‍යාලය වෙත යොමුකළ බව පොලිසිය කියයි.

මෙම පිරිස අතර 13 දෙනෙකු   කොසල්වත්ත පොලිසියට අනුයුක්තව සිටින නිලධාරීන් බවත් සෙසු පිරිස  නීතිපති පොලිස් මුරපොළේ රාජකාරි කරන නිලධාරීන් බවද    උසස් පොලිස් නිලධාරියෙක් කීය.

කොළඹ සෝන්ඩර් පෙදෙස්   පදිංචි පුද්ගලයකු    ඊයේ  (15)  දින ඇදිරි නීතිය උල්ලංඝනය  කිරීම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන කෙසෙල්වත්ත පොලිසියට  රැගෙන විත් ඇති අතර   පසුව සිදුකළ පරීක්ෂණයේ දී මෙම පුද්ගලයා ජාඇල  හමුවු  කොරෝනා  ආසාදිතයා ඇසුරු කළ පුද්ගලයකු බවට හෙළි වු බව උසස් පොලිස් නිලධාරියෙක් කීය.

මත්කුඩු වලට ඇබ්බැහිව සිටින මෙම පුද්ගලයා  කොසල්වත්ත ප‍්‍රදේශයේ පවිත‍්‍රා සේවයකු වශයෙන් කටයුතු කරන බවත් ඔහු සමග ළගින්  ඇසුරු කළ  යාචකයන් ඇතුලූ තවත් පිරිසක් ද  නිරෝධායනය සදහා යොමුකළ බවද පොලිස් ආරංචි මාර්ග පවසයි.

Related posts

කුරුණෑගල නගරාධිපති තනතුරේ වැඩ බලන නගරාධිපති වැඩබාරගනී

Admin

බැදුම්කර කොමිසමේ අවසන් වාර්තාව 31දා ජනපති අතට.. හවුල් ආණ්ඩුවත් 31 අවසන් !

colombotoday

මා සෑම ලාංකිකයෙකුගේ ම ජනාධිපතිවරයා

colombotoday

සීනි මිල අඩු නොවීමට හේතු වුනේ සීනි ආනයනයේදී ක්‍රියාත්මක වූ වෙළෙඳ මාෆියාව – දයාසිරි ජයසේකර

colombotoday

නිරෝධායනය අවසන්ව නිවසට යමින් සිටි අයෙක් මහමග මිය යයි

colombotoday

ජොන්ස්ටන් ට එරෙහි අල්ලස් නඩුවක් විභාගයට දින දෙයි

Admin